කිලිනොච්චි ප්‍රදේශයේ යුද හමුදා හමුදා භටපිරිස් විසින් ආගමික ස්ථාන පිරිසිදු කිරීමට වැඩසටහන්

සැප්තැම්බර් 06, 2019

ශ්‍රී ලංකා යුද හමුදා භටපිරිස් විසින් මුලන්කාවිල් පුල්ලයාර් කෝවිල් පරිශ්‍රය සහ කාරියලනගපඩ්ඩුවාන් අන්තෝනියාර් පල්ලිය පිරිසිදු කිරිමේ වැඩසටහනක් සඳහා තම දායකත්වය ලබා දුන්හ. යුද හමුදා මාධ්‍යට අනුව කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ රාජකාරි කරනු ලබන භටපිරිස් විසින් අගෝස්තු මස 28 දින සිට 31 වන දින දක්වා මෙම සමාජ සුබසාධන වැඩසටහන් සිදු කර ඇත.

මේ අතර, පසුගිය සෙනසුරාදා දින (අගෝස්තු 31) ස්කන්ධපුරම් පිල්ලෙයාර් කෝවිල් පිරිසිදු කිරීම සඳහා කිලිනොච්චි ප්‍රදේශයේ යුද  හමුදා භටපිරිස් විසින් ශ්‍රමදාන වැඩසටහනක් සංවිධානය කර තිබුණි.

තම සමාජ සේවා වැඩසටහන්හි කොටසක් ලෙස මෙවැනි සමාජ සුභසාධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් යුද හමුදා සාමාජිකයින් නිරතුරුවම දායකත්වය ලබා දෙයි.