මුලතිව් ප්‍රදේශයේ පාසල් සිසුන් 147 දෙනෙකු වෙනුවෙන් පාසල් පාවහන්

සැප්තැම්බර් 07, 2019

මුලතිව් ප්‍රදේශයේ පදිංචි අඩු ආදායම්ලාභි පවුල්වල පාසැල් සිසුන් විශාල පිරිසකට පාසල් පාවහන් පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා යුද හමුදාව සම්බන්ධීකරණය කර තිබුණි. යුද හමුදා මාධ්‍යට අනුව පසුගිය බදාදා දින (සැප්තැම්බර් 04) ඔඩ්ඩුසුඩාන්, කරුප්පඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ පාසල් ළමුන් 147 දෙනෙකු වෙත කරුප්පඩ්ඩමුරිප්පු විද්‍යාලයේ පැවැති උත්සවයකදී නව පාසල් පාවහන් පරිත්‍යාග කර ඇත.

යුද හමුදාවේ ඉල්ලීමකට අනුව පෞද්ගලික පරිත්‍යාගශීලියෙකු දැක්වූ අනුග්‍රහය මත අඩු ආදායම්ලාභි පවුල්වල පාසැල් සිසුන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට මෙම සමාජ සුභසාධන වැඩසටහන සිදු කිරීමට හැකි විය.

මෙම අවස්ථාවට 64 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව්.ඩි.සි.කේ. කොස්තා, 643 වන බලසේනාවේ බලසේනාධිපති සහ 13 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ අණදෙන නිලධාරි සහභාගී විය.