‘තල් අරනේ කෞශල්‍යය’ නව නිෂ්පාදන ප්‍රදර්ශනය යාපනය අර්ධද්වීපයේදී

සැප්තැම්බර් 12, 2019

නවෝත්පාදනයන් දිරිගැන්වීම සහ යාපනය අර්ධද්වීපයේ සිටින හමුදා සාමාජිකයින්, පාසල් සිසුන්, විශ්ව විද්‍යාල උපාධි අපේක්‍ෂකයින් සහ නිර්මාණශීලී පුද්ගලයින් වෙනුවෙන් ඔවුන්ගේ නව නිපැයුම් ප්‍රදර්ශනය කිරීම සඳහා ආරක්‍ෂක සේනා මූලස්ථානය - යාපනය (SF HQ-J) විසින් ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබුණි. අඛණ්ඩව සිව්වන වරට පවත්වන ලද ‘තල් අරනේ කෞශල්‍යය - 2019 ’ සැප්තැම්බර් 04 සහ 05 යන දිනයන්හිදී යාපනය වීරසිංහම් ශාලාවේදී පැවැත්විනි.

ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත්කර තිබු නව නිෂ්පාදන හතළිහක් අතුරින් ප්‍රථම ස්ථානය 14 වන ගජබා රෙජිමේන්තුවේ කෝප්‍රල් ඩබ්ලිව්.පී.ඩබ්ලිව් දිසානායක, දෙවන ස්ථානය 4 වන ශ්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ කෝප්‍රල් ජී.සී.සී.ආර් ෆොන්සේකා, තුන්වන ස්ථානය 7 වන ශ්‍රි ලංකා කාන්තා බලකායේ සාමාන්‍ය සෙබල එස්.ඩී.එන් මල්ෂා යන තරඟකරුවන් විසින් දිනාගන්නා ලදී.

සම්මාන උළෙල සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාගවන්, යාපනය දිස්ත්‍රික් ලේකම් නාගලිංගම් වේදනායහම්, ශ්‍රී ලංකා නාවික හමුදා උතුරු විධානයේ අණදෙන නිලධාරී රියර් අද්මිරාල් කපිල සමරවීර, 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් සම්පත් කොටුවේගොඩ යන නිලධාරීන් සහභාගී විය.