දියකාවා යුද අභ්‍යාසයේ 2019 තවත් එක පුහුණු මෙහෙයුමක් දඹුල්ලෙදී

සැප්තැම්බර් 13, 2019

මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතින දියකාවා යුද අභ්‍යාසයේ තවත් එක පුහුණු මෙහෙයුමක් බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 12) දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ඉබ්බන්කටුව ප්‍රදෙශයෙදී සාර්ථකව අවසන් විය.

රස්තවාදීන් සැගවුණු ස්ථානය වටලා ත්‍රස්තවාදීන් විසින් රදවාගෙන සිටින සංචාරක මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් හමුදා භට පිරිස් විසින් සාර්ථකව බේරාගන්නා ලදී.

මෙම පුහුණු මෙහෙයුම සදහා 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ භටපිරිස් ශ්‍රී ලංකා නාවික හමුදාවේ හතරවන ජීවිතාරක්ෂක බලගණය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි 17 හෙලිකොප්ටරයක් භාවිත කරන ලදී.

ගුවනේ සිට ගොඩබිමට බැසීම සදහා විශේෂ පුහුණුව ලත් සහ කිමිදුම් සටන් ශිල්ප පිලිබදව දන්නා භට පිරිස් විසින් රහසිගත මෙහෙයුමක් දියත් කර සතුරන් සගවා සිටින ස්ථානයට ලඟා වී ප්‍රාණ ඇපකරුවන් බේරාගෙන ඇත.

බේරාගන්නාලද රාජ්‍ය නිලධාරීන් ගුවන් මගින් වවුනියාව වෙත ගෙනගියේය.

දියකාවා යුද අභ්‍යාසය 2019 යටතේ සිදුකරනලද මෙම පුහුණු අභ්‍යාසය නැගෙනහිර අවට ප්‍රදේශයන් තුල සිදුකරන ලදී .

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් අඛණ්ඩව 10 වන වරට සංවිදානය කරනු ලබන මෙම අභ්‍යාසය. සදහා යුද්ධ හමුදා සාමාජිකයන් 2400ක්, නාවික හමුදා සාමාජිකයන් 400ක්ද,  ගුවන් හමුදා සාමාජිකයන් 200ක්ද, විදෙස් හමුදා සාමාජිකයන් හා නිරීක්ෂකයන් 100කට අධික සංක්‍යාවක්ද මේ සදහා සහභාගී වේ.

දිවයිනේ නැගෙනහිර, මධ්‍යම, බටහිර සහ උතුරුමැද පළාත් තුල මෙම පුහුණු අභ්‍යාසය පැවැත්වේ.

පුහුණු අභ්‍යාසය සැප්තැම්බර් 23 වන දින නැගෙනහිර පළාතේ කුච්චවේලි හිදී ඒකාබද්ධ මෙහෙයුමක් ලෙස අවසන් කිරීමට නියමිත අතර අභ්‍යාසය පිළිබද පසු කථනයක් පසුදින (සැප්තැම්බර් 24) පැවැත්වේ.