යුධ හමුදා භටපිරිස් විසින් ශාකසාර උද්‍යානයක් පිරිසිදු කරයි.

සැප්තැම්බර් 21, 2019

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පිරිසක් විසින් මීගොඩ ‘ඔසු උයන’ පිරිසිදු කිරීම සඳහා යුද්ධ හමුදා සහයෝගය ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින්  බ්‍රහස්පතින්දා (සැප්තැම්බර් 19) ආක්‍රමණශීලි පැලෑටි සහ වල් පැලෑටිවලින් වැසී ගොස් තිබු ඔසු උයන පිරිසිදු කිරීම සදහා යුද්ධ හමුදා දායකත්වය ලබා දෙන ලදී.

යුද හමුදා මාධ්‍යට අනුව ‘සුව ගෙවත්ත’, ‘සුව කෙත’ සහ ‘ඇල්හේන ව්‍යාපෘතිය’ නඩත්තු කරනු ලබන මීගොඩ ආයුර්වේද රෝහලේ බලධාරීන් විසින් ඔසු උයන පිරිසිදු කිරීම සදහා යුද්ධ හමුදාවෙන් සහාය ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් භටපිරිස් විසින් දිනක් ඇතුලට එම ස්ථානය පිරිසිදු කර රෝහල් බලධාරීන් වෙත බාර දී ඇත.

මේ අතර, කිලිනොච්චි ප්‍රදේශයේ යුද හමුදා  භට පිරිස් විසින් මුලන්කාවිල් සහ අනවිලන්තන්කුලම් යන  ප්‍රදේශවල සැප්තැම්බර් 12 දින සිට 14 දින දක්වා ‘ශ්‍රමදාන’ ව්‍යාපාර කිහිපයක්ද සිදුකරන ලදී.

භටපිරිස් විසින් විනයානගර් පෙර පාසල් පරිශ්‍රය සහ අනවිලන්දන්කුලම් ක්‍රිස්තියානි දේවස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම සදහා ශ්‍රමදාන ව්‍යාපෘතියක්ද සිදුකර ඇත.