ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සංගීත කණ්ඩායම්වලට උපහාර

සැප්තැම්බර් 23, 2019

පසුගිය දා පවත්වන ලද ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සදහා දායකත්වය ලබාදුන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සංස්කෘතික සහ සංගීත කණ්ඩායම්වලට උපහාර දැක්වීමේ උත්සවයක් ආරක්ෂක අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

අද පෙරවරුවේ (සැප්තැම්බර් 23) පැවති උත්සවය සදහා ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනිය සෝනියා කෝට්ටෙගොඩ මහත්මිය සහභාගී විය.

ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය වෙනුවෙන් කෝට්ටෙගොඩ මහත්මිය පැමිණ සිටි සියළු දෙනාට සිය කෘතඥතාව පල කල අතර සංගීත කණ්ඩායම්වල සාමාජිකයින් වෙනුවෙන් ඔවුන් සිදු කල සේවය අගයමින් ත්‍යාග පිරිනැමීය.

මෙම අවස්ථාවට සේවා වනිතා ඒකකයේ සහ ජේෂ්ඨ ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිළධාරින් සහභාගී විය.

ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් (VTC) පිහිටුවීම සඳහා අරමුදල් රැස් කිරීම අරමුණු කර ගෙන ‘උදාරයි ඔබ’ සංගීත ප්‍රසංගය සැප්තැම්බර් 14 වෙනි දින නෙලුම් පොකුණ රඟහලේදී පැවැත්විණි.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් සහභාගී වූ විය. ප්‍රවීණ හා තරුණ කලාකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සංගීත කණ්ඩායම් වල සුසංයෝගයෙන් සංගීතවත්වූ  සංගීත ප්‍රසංගයේදී ජනප්‍රිය ගීත රැසක් පැමිණ සිටි ප්‍රේක්‍ෂකයන්ට රසවිදීමට අවස්ථාව සැලසිනි.