70 වන යුද හමුදා දින සැමරුම නිමිත්තෙන් ඉස්ලාම් ආගමික උත්සවයක්

ඔක්තෝම්බර් 04, 2019

70 වන යුද්ධ හමුදා සංවත්සර දින සැමරුමට සමගාමීව ඉස්ලාම් ආගමික උත්සවයක් බ්‍රහස්පතින්දා දින (ඔක්තෝබර් 03) කොළඹ 03, කොල්ලුපිටිය ජුම්මා මුස්ලිම් පල්ලියේදී පැවැත්විණි. මෙම උත්සවය යුද්ධ හමුදා මුස්ලිම් සංගමය විසින් සංවිධානය කර තිබු අතර ප්‍රධාන පුජකතුමන් වන සලමන් ඉසඩින් මවුලවිතුමන් විසින් යාඥාවන් පවත්වන ලදී.

ඉස්ලාමීය සම්ප්‍රදායන්ට අනුකූලව එම ආගමික පුජකතුමන්වරුන් විසින් විශේෂ යාඥා සහ දේශනයක් පවත්වන ලදී.

මෙම අවස්ථාව සදහා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී විය.

මෙම ඉස්ලාමීය ආගමික උත්සවය එළඹෙන 70 වන යුද හමුදා දින සංවත්සර දිනය (ඔක්තෝබර් 10) නිමිත්තෙන් පවත්වනු ලබන ආගමික උත්සව මාලාවේ සිව්වැන්නයි.