මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ අත්හැර දමා තිබූ ඉඩමක තිබී අත් බෝම්බ 03 ක් හමුවේ.

ඔක්තෝම්බර් 04, 2019

මොරටුව රාවතාවත්ත ප්‍රදේශයේ අංක 404 දරණ ඉඩමේ වලදමා තිබූ පාවිච්චියට නුසුදුසු තත්වයේ අත් බෝම්බ 03 ක් අද සවස (ඔක්තෝබර් 04) ඉඩම ශුද්ධ පවිත්‍ර කරමින් සිටින අවස්ථාවේදී හමුවී ඇත.

එම  අත්  බෝම්බ ගුවන් හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශය මගින් නිෂ්ක්‍රීය කර ඇති අතර මොරටුව පොලිසිය මගින් මේ පිලිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.