ශ්‍රී ලංකා යුද්ධ හමුදා අභිමානවත් 70 වන සංවත්සර පෙළපාලිය ගාලු මුවදොර පිටියේ දී

ඔක්තෝම්බර් 11, 2019

70 වන යුද්ධ හමුදා දිනය නිමිත්තෙන් විශේෂ මුද්දරයක්

සංවත්සර සැමරුමට සමගාමීව දහස් ගණනක් නිළ උසස් කිරීම්

70 වන යුද්ධ හමුදා දින ප්‍රධාන පෙළපාලිය ගාලු මුවදොර පිටියේ දී 2000කට අධික යුද්ධ හමුදා භටපිරිස් ප්‍රමාණයක් ඔවුන්ගේ ආවේණික නිළ ඇඳුමින් සැරසී රෙජිමේන්තු ධජයන් ද සහිතව ගමන් කළ පෙළපාලිය ඔවුන්ගේ හමුදාධිපතිවරයාට ආචාර කරන ලදී.

යුද්ධයේදී රට වෙනුවෙන් දිවි පිදූ සියලු විරෝධාර රණවිරුවන් සිහි කරමින් විනාඩි දෙකම නිශ්ෂබ්දතාවයක් ආරක්ෂා කිරීමෙන් අනතුරුව ප්‍රධාන පෙළපාලියේ ආරම්භය සිදු විය.

පෙළපාලිය වර්ණ ධජ ඝණයන්ගෙන්, ජනාධිපති යෂ්ටිය, ජනාධිපති “රණ පරෂුව” (කුඨාරය) සහ ජනාධිපති වර්ණයන්ගෙන් සමන්විත වූ අතර කාලතුවක්කු, සන්නද්ධ වාහන සහ යුද ටැංකි භූමියේ තබා තිබුණි.

යුද්ධ හමුදාධිපති තුමාගේ කතාව අතරතුර පවසා සිටියේ හමුදා සාමාජිකයන් විශාල සංඛ්‍යාවක් නිල උසස්වීම් ලබා ඇති බවත් ඒ අතර නිලධාරින් 210 දෙනෙකු 2/ලුතිතන් සිට ලුතිතන් නිලය දක්වා උසස්වීම් 03ක් ද, ලුතිතන් සිට කපිතන් දක්වා උසස්වීම් 17ක් ද, කපිතන් සිට මේජර් දක්වා උසස්වීම් 150 ක් ද, මේජර් සිට ලුතිතන් කර්නල් දක්වා උසස්වීම් 40ක් ද සිදුකර ඇති බවයි. සංවත්සරයට සමගාමීව සෙසුනිළයින් 7000ක් ඔවුන්ගේ ඊළඟ නිළයට උසස් කිරීම සිදු කෙරෙයි.

මේ අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 70 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් නව මුද්දරයක් සහ පළමු දින කවරයක් බ්‍රහස්පතින්දා (ඔක්තෝම්බර් 10) තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් කොළඹදී පැවති උත්සවයක දී නිකුත් කරන ලදී.

තැපැල් මාස්ටර් ජෙනරාල් ඩී.ඒ.ආර්.කේ. රණසිංහ මහතා විසින් පළමු දින කවරය යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත පිළිගන්වන ලදී.

යුද්ධ හමුදා දින පෙළපාලිය සඳහා වැඩබලන ආරක්ෂක ලේකම් අනුරාධ විජේකෝන්, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ, හිටපු යුද්ධ හමුදාධිපතිවරුන්, ජ්‍යේෂ්ඨ හමුදා නිලධාරීන්, විශේෂ ආරාධිතයන් සහ හමුදා සාමාජිකයින් විශාල පිරිසක් සහභාගී විය.