වෙරළාරක්‍ෂක බලකාය විසින් මුලතිව් හි දී ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහන් පවත්වයි

ජුනි 11, 2019

මුලතිව් ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ සුභසිද්ධිය සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක බලකාය විසින් ජීවිතාරක්‍ෂක පුහුණු වැඩසටහන් මාලාවක් පසුගියදා පවත්වන ලද බව වෙරළාරක්‍ෂක බලකා නිල වෙබ් අඩවිය පවසයි. මෙම පුහුණු වැඩමුළුව මුලතිව් ප්‍රදේශයේ ක්‍රියාත්මක කරන ලද ‘රට වෙනුවෙන් එකට සිටිමු’ ජාතික වැඩසටහනට සමගාමිව ජුනි මස 3 වනදා සිට 08 දක්වා පවත්වන ලදී.

ජීවිතාරක්‍ෂක පුහුණු පාසලේ පුහුණු උපදේශකයන්ගේ මගපෙන්වීම යටතේ ක්‍රියාත්මක කරන ලද මෙම ජීවිතාරක්‍ෂක පුහුණු වැඩමුළුව මගින් ප්‍රදේශයේ ජනතාවට හදිසි අවස්ථාවන්වලදී අනුගමනය කළ යුතු විධිමත් ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳව දැනුවත් කිරීම හා පුහුණුව ලබාදීම අරමුණු කරගනිමින් සිදුකරන ලදී.