සේවා වනිතා ඒකකය මගින් ආචාර විධි,සන්නිවේදනය සහ ධාරිතා වර්ධනය පිළිබඳ වැඩමුළුවක් පවත්වයි

ඔක්තෝම්බර් 24, 2019

ආරක්ෂක අමාත්‍යාංශ කාර්යමණ්ඩලය වෙනුවෙන් ආචාර විධි,සන්නිවේදනය සහ ධාරිතා වර්ධනය පිළිබඳ වැඩමුළුවක් ආරක්ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකය මගින් සංවිධානය කර තිබුණි. මෙම වැඩසටහන බදාදා (ඔක්තෝබර් 23) සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේදී පැවැත්විණි.

මෙම වැඩමුළුව ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එක් දිනක් පුරා පැවැත්වූ මෙම  වැඩසටහන සදහා විශාල පිරිසක් සහභාගී විය.