මාධ්‍ය නිවේදනය

නොවැම්බර් 20, 2019

පසුගිය දා ජනාධිපතිවරණයෙන් පසුව රටේ ඇතිවූ දේශපාලන වෙනස්වීමත් සමග දේශපාලන පළිගැනීම්, පැහැරගැනීම් හා අනිසි කලබල ඇති විය හැකි බවට රටේ ජනතාව තුල අනිසි බියක් ඇති කර නොගත යුතුය. එළඹෙන දින කිහිපයේදී රටේ ආරක්‍ෂාව පිළිබඳව වෙනදාට වඩා සැලකිලිමත්ව සහ පරීක්‍ෂාකාරීව රාජකාරී කටයුතු වල නිරතවන ලෙස වැඩ බලන පොලිස්පති තුමන් දැනුවත් කොට ඇත.

රටේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් දැඩි විමසිලිමත්ව ක්‍රියාකරන ලෙසටත් එම ප්‍රදේශ වල ආරක්‍ෂාව සම්බන්ධයෙන් අදාල ප්‍රදේශ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුන්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන්, සහකාර පොලිස් අධිකාරිවරුන් සහ අදාල පොලිස් ස්ථාන භාර ස්ථානාධිපති වරුන් වගකිව යුතු බවටත් වැඩබලන පොලිස්පති තුමා මගින් උපදෙස් ලබාදී ඇත.

අතිගරු ජනාධිපතිතුමන්ගේ දර්ශණය පරිදි ජාති බේද, ආගම් බේද සහ පක්‍ෂ බේද වලින් තොරව සැමට සාමකාමීව ජීවත්විය හැකි වාතාවරණයක් රට තුල පවත්වා ගෙන යාමට සියලු විධි විධාන යොදා ඇති හෙයින් අනිසි බියක් ඇති කර නොගෙන සාමාන්‍ය පරිදි ජන ජීවිතය පවත්වා ගෙන යා හැකිය.

තවද, යම් හෙයකින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් සාමය කඩවන පරිදි ක්‍රියා කළ හොත් ඔවුන්ගේ තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට ආරක්‍ෂක අංශ දැනුවත් කොට ඇත.