පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 22, 2019

ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් අද (නොවැම්බර් 22) අමාත්‍යංශ පරිශ්‍රයේ දී පැවැත්විණි. මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාද සහභාගී විය.

මෙම සාකච්ඡාවේදී මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව කටයුතු කිරීම, මහජනතාව දැනුවත් කිරීම සහ වැළැක්වීම ඇතුළු වැදගත් මාතෘකාවන් ගණනාවක් සාකච්ඡාවට බඳුන් විය. දිවයින තුල පවත්නා මත්ද්‍රව්‍ය උවදුර මැඩපැවැත්වීම සඳහා දැඩි පියවර ගන්නා ලෙස ආරක්‍ෂක ලේකම්වරයා විසින් පොලිසියට උපදෙස් ලබාදෙන ලදි.

මෙම සාකච්ඡාව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්ආර් ලතීෆ් මහතාද සහභාගී විය.