ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 22, 2019

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා මහතා අද (නොවැම්බර් 22) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම සුහද හමුවේදී යුද්ධ හමුදාධිපතිවරයා නව ආරක්‍ෂක ලේකම්වරයාට සිය සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.