රුසියානු තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 25, 2019

ශ්‍රී ලංකාවේ, රුසියානු තානාපති අතිගරු යූරි මැටරි (HE Mr. Yuri Materiy) මැතිතුමන් අද (නොවැම්බර් 25) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී රුසියානු තානාපතිතුමන් සහ ආරක්‍ෂක ලේකම්තුමන් අතර ද්විපාර්ශ්වික සහයෝගිත්වය සහ අන්‍යෝන්‍ය සුහදත්වය පිළිබදව සුහද සාකච්ඡාවක්ද පැවැත්වීය.