ඉන්දියානු නාවික නෞකාවක් දිවයිනට පැමිණේ

නොවැම්බර් 26, 2019

ඉන්දියානු නාවික හමුදාවේ ‘නිරීක්ෂක්’ නෞකාව පුහුණු සංචාරයක් සඳහා සදුදා දින (නොවැම්බර් 25) ත්‍රිකුණාමල වරායට ලගා විය. නාවික හමුදා මාධ්‍යට අනුව ත්‍රිකුණාමල වරාය වෙත ළගා වූ  සංචාරක ඉන්දියානු නෞකාව නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

පුහුණු සංචාරය අවසන් වීමෙන් පසුව ‘නිරීක්ෂක්’ නෞකාව අඟහරුවාදා දින (දෙසැම්බර් 03)  දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.