මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාල නියෝජිතයින් ආරක්ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 28, 2019

මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ සිව් දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් මෙහෙයුම් අධ්‍යක්ෂක මිවා කාටෝ මහත්මියගේ (Ms. Miwa Kato) ප්‍රධානත්වයෙන් අද දින (නොවැම්බර් 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම හමුවේදී දූත පිරිස පුහුණුවීම් සහ සහයෝගීතාව ශක්තිමත් කිරීම ඇතුළු කරුණු ගණනාවක් පිළිබඳව ලේකම්වරයා සමඟ සාකච්ඡා කළහ.