කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති ආරක්‍ෂක ලේකම් හමුවෙයි

නොවැම්බර් 28, 2019

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති, එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය අද දින (නොවැම්බර් 28) ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.

මෙම සුහද හමුවේදී උප කුලපතිතුමන් නව ආරක්‍ෂක ලේකම්වරයාට සිය සුබ පැතුම් එක් කළේය.

මෙම අවස්ථාව සිහිවීම වස් සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.