නව ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් තම ධුරයෙහි වැඩ භාර ගනී

නොවැම්බර් 29, 2019

ආරක්‍ෂක අමාත්‍යාංශයේ නව රාජ්‍ය අමාත්‍ය ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් අද දින (නොවැම්බර් 29) උදෑසන සුබ මොහොතින් නව අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කරන ලදි.

ආරක්‍ෂක අමාත්‍යාංශයට පැමිණි නව රාජ්‍ය අමාත්‍යවරයා ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න WWV RWP RSP USP ndc psc MPhil මහතා, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, වැඩ බලන පොලිස්පති, සිවිල් ආරක්‍ෂක බලකායේ අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ ජ්‍යෙෂ්ඨ අමාත්‍යංශ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය.

සාම්ප්‍රදායානුකූලව ගරුතර මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනය මධ්‍යයේ ගරු රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතා සිය කාර්යාලයේදී නිළ වශයෙන් රාජකාරි භාර ගත්තේය.

මෙම අවස්ථාව සඳහා වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා, අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනයන්හි ප්‍රධානින්, අමාත්‍යංශ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය සහභාගී විය.

ගරු චමල් රාජපක්‍ෂ මැතිතුමන් මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය සහ අභ්‍යන්තර වෙළඳ, ආහාර සුරක්‍ෂිතතාවය සහ පාරිභෝගික සුබසාධන අමාත්‍ය ලෙසද කටයුතු කරයි.