නව ගැසට් නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යාංශයට අයත් ආයතන ප්‍රකාශයට පත් කෙරේ

දෙසැම්බර් 11, 2019

අමාත්‍යාංශයන්ට අදාල රාජකාරී සහ කාර්යයන් ප්‍රකාශ කරන ගැසට් නිවේදනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කර ඇත. අංක 2153/12-2019 දෙසැම්බර් මස 10 වැනි අඟහරුවාදා - 2019.12.10 අති විශේශ ගැසට් පත්‍රය මගින් මෙම නිවේදනය නිකුත් කර ඇත.

ඒ අනුව පහත සඳහන් රාජ්‍ය ආයතන ආරක්ෂක අමාත්‍යාංශ විශය පථය යටතේ ක්‍රියාත්මක වේ.

1.    ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලය
2.    ශ්‍රී ලංකා යුධ හමුදාව
3.    ශ්‍රී ලංකා නාවික හමුදාව
4.    ශ්‍රී ලංකා ගුවන් හමුදාව
5.    ශ්‍රී ලංකා පොලීසිය
6.    සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව
7.    රාජ්‍ය රහස් තොරතුරු සේවය
8.    රණවිරු සේවා අධිකාරිය
9.    සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය
10.    ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය
11.    ආරක්ෂක සේවා පාසල
12.    ජාතික ශිෂ්‍යභට බලකාය
13.    ජාතික ආරක්ෂක අරමුදල
14.    ආරක්ෂක පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය
15.    ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක අධ්‍යයන ආයතනය
16.    ශ්‍රී ලංකා වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව
17.    ලංකා ලොජිස්ටික් ලිමිටඩ්
18.    රක්නා ආරක්ෂණ ලංකා ලිමිටඩ්
19.    ජාතික අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය
20.    ආගමන හා විගමන දෙපාර්තමේන්තුව
21.    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
22.    ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය
23.    රාජ්‍ය නොවන සංවිධාන සඳහා වන ලේකම් කාර්යාලය
24.    ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව
25.    තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන
26.    ශ්‍රී ලංකා පරිඝනක හදිසි ප්‍රතිචාර සංසඳය
27.    ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව
28.    ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය
29.    ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය
30.    කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
31.    ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය