මුතුරාජවෙල ඇති වූ ගින්න නිවීම සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානයක් සහාය වෙයි

ජනවාරී 03, 2019

මිගමුව මුතුරාජවෙල රක්ෂිතයේ ඇති වූ ගින්න මැඩපැවැත්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම් අයි - 17 හෙලිකොප්ටර් යානයක් කඩිනමින් යොදවා ගිනි නිවන භටයින් හට සහාය වූ බව ගුවන් හමුදා නිල වෙබ් අඩවිය පවසයි. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 6 වන බලඝණයට අයත් එම් අයි -17 හෙලිකොප්ටර් යානයක් මේ සඳහා යොදවන ලදී.

ලීටර් 2400 ක ධාරිතාවයක් සහිත බම්බි බකට් එකක් උපයෝගී කර ගනිමින් වාර 8 ක් ගින්න මතට ජලය ඉසීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය කටයුතු කර ඇත.