යාපනය සිසුන් සඳහා පාපැදි ප්‍රධානය කෙරේ

ජනවාරී 03, 2019

නව වසර සමරමින් මෙම සතියේ මුල් භාගයේදී යාපනයේ අවශ්‍යතා සහිත පාසල් සිසුන් 10 දෙනකුට නව පාපැදි ප්‍රධානය කල බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. උතුරු ප්‍රදේශයේ සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් විසින් සංහිඳියාව ශක්තිමත් කිරීමේ අරමුණින් නව වසර ආරම්භයේ දී මෙසේ ප්‍රදේශයේ ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන පවුල්වල පාසල් ළමුන් 10 දෙනෙකු සඳහා පාපැදි ප්‍රධානය කරන ලදී.

පවතී චාම් උත්සවයකදී යාපනය ආරක්ෂක සේනා ආඥපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් මෙම පාපැදි එම පාසල් ළමුන් වෙත ප්‍රධානය කරන ලදී. යාපන අර්දද්විපයේ දුෂ්කර ප්‍රදේශවල සිට පාසල් පැමිණෙන මෙම දරුවන්ගේ ගමනාගමනය පහසු කරවීම මෙහි අරමුනයි.

මේ අතර, යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කල සැණකෙළිය සහ සංගීත සංදර්ශන මාලාව දෙසැම්බර් 28 දින ආරම්භ වී දින 3 ක් පුරා පැවැත්වූ අතර එය නැරඹීම සඳහා විශාල ජනකයක් සහභාගී විය. මෙම සැණකෙළිය යාපනය කොටුව අසලදී පැවැත්විණි.