ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් හපුතලේදී අනතුරට ලක් වේ

ජනවාරී 03, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් සැහැල්ලු ගුවන් යානයක් අද (ජනවාරි 03) දින උදෑසන හපුතලේ ප්‍රදේශයේදී අනතුරට ලක් විය.

වීරවිල ගුවන් හමුදා කදවුරෙන් ගුවන් ගතවුණු Y12 වර්ගයේ ගුවන් යානය තම්බිපීල්ල මාවත, අයිස්පීල්ල ප්‍රදේශයේදී  අද උදෑසන 9.15 ට පමණ අණතුරට ලක්වන විට ගුවන් නිරීක්ෂණ මෙහෙයුමක නිරතව සිට ඇත.

යානයේ ගමන් ගත් ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ නිරීක්ෂකයින් දෙදෙනෙකු  මෙම අනතුරින් ජිවිතක්ෂයට පත් විය.

අනතුර සිදුවූ ස්ථානය අසල සිටි කාන්තාවක්ද තුවාල ලබා හපුතලේ දිස්ත්‍රික් රෝහල වෙත  ඇතුලත් කර ඇත.

ගුවන් හමුදාව මේ වන විට අනතුර සිදු වූ ස්ථානය අසලට තම කණ්ඩායම් යොමු කොට වැඩිදුර පරීක්ෂණ පවත්වමින් සිටි.