ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂ මෙහෙයුම් මැදිරියක්

ජනවාරී 12, 2020

ආරක්ෂක ලේකම් (විශ්‍රාමික) මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතාගේ උපදෙස් පරිදි ජාතික ආරක්ෂාව සහ මහජන සාමය සුරක්ෂිත කිරීම සඳහා පැය 24ම ආවරණය වන පරිදි පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ.

මෙම මෙහෙයුම් මැදිරිය වෙත පාතාල කල්ලි සාමාජිකයින්, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම්, කප්පම්කරුවන්, මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සහ එවැනි සිද්ධින් පිළිබඳ තොරතුරු මහජනතාවට ලබාදීමේ හැකියාව පවතියි.

මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය වෙත තොරතුරු ලබාදෙනු ලබන පුද්ගලයින්ගේ අනන්‍යතාව හෙළි නොකරන අතර ඔවුන්ගේ ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කෙරේ.

ඒ අනුව පහත සඳහන් දුරකතන සහ  ෆැක්ස් අංක වෙත අදාල තොරතුරු ලබා දීමට හැකියාව ඇත.

දුරකතන අංක

0112 580 518,

0112 058 552,

0112 500 471,

0112 506 588,

0112 589 741

ෆැක්ස් අංක

0112 588 489,

0112 081 044