නව ජාතික බුද්ධි පනත කෙටුම්පත් කිරීමට රජයේ අනුමැතිය

ජනවාරී 16, 2020

ජාතික ආරක්ෂාව වෙනුවෙන් මෙරට සියලුම බුද්ධි අංශ නියාමනය හා බලගැන්වීම සඳහා ‘ජාතික බුද්ධි පනත’ (NIA) කෙටුම්පත් කිරීම සදහා රජයේ අනුමැතිය ලබා දී තිබේ.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කල ජාතික බුද්ධි පනත කෙටුම්පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

මෙරට  බුද්ධි අංශ ශක්තිමත් කරමින් අනාගත ආරක්ෂක තර්ජන වැළැක්වීම සඳහා ජාතික බුද්ධි පනත හඳුන්වා දීමට රජය තීරණය කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ දින පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ නීති කෙටුම්පත් සම්පාදකයන් වෙත ජාතික බුද්ධි පනත් කෙටුම්පත සකස් කරන ලෙස උපදෙස් ලබා දෙන බව ඔහු පැවසීය.

අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවෙන් පෙන්නුම් කරන්නේ එම ක්‍රියාකාරකම් නියාමනය කිරීම සඳහා ප්‍රමාණවත් නීතිමය විධිවිධාන නොමැතිකම හේතුවෙන් ඇතැම් බුද්ධි ක්‍රියාකාරකම් සීමා කර ඇති බවයි.

නව පනත මගින් ප්‍රතිචාර, මාර්ගෝපදේශ හා නිර්දේශ ලබා දීමෙන් සහ රටේ ආරක්ෂක තත්ත්වය නිරීක්ෂණය කිරීමෙන් ජාතික ආරක්ෂාව කළමනාකරණය කිරීමට බුද්ධි අංශවලට අවශ්‍ය බලය ලබා දෙන බව අමාත්‍ය ගුණවර්ධන මහතා පැවසීය.