කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ නව උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස්

ජනවාරී 17, 2020

ශ්‍රී ලංකා යුද හමුදාවේ කීර්තිමත් ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වු මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් RWP RSP USP LOM ndc psc MPhil (Ind) PGDM ජෙනරාල් සර් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස 2020 ජනවාරි 16 දින වැඩභාර ගන්නා ලදී.

නව ධුරයට පත් උපකුලපතිවරයා පිළිගැනීම සඳහා උත්මාචාර පෙළපාලියක් සූදානම්ව තිබුණු අතර, දකුණු මණ්ඩපයේ ප්‍රධානි බ්‍රිගේඩියර් අදීප තිලකරත්න නියෝජ්‍ය උපකුලපති (ආරක්ෂක හා පාලන)  බ්‍රිගේඩියර් නන්ද හතුරුසිංහ නියෝජ්‍ය උප කුලපති (ශ්‍රාස්තීය), ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහාචාර්ය ජයන්ත ආරියරත්න, පීඨාධිපතිවරුන්, ත්‍රිවිධ හමුදාවේ නිලධාරින්, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයීය අධ්‍යයන සහ අනධ්‍යන සේවක මණ්ඩලය, කෙඩෙට් නිලධාරින් සහ අනේවාසික ශිෂ්‍යයින්ද මේ අවස්ථාවට සහභාගි වූහ.

අභිනවයෙන් පත්වු උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් RWP RSP USP LOM ndc psc MPhil (Ind) PGDM කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති ලෙස පත්වන්නේ දෙවන වරට වීම විශේෂත්වයකි. එතුමා මුල් වරට උපකුලපති ලෙස පත්වු 2008.12.28 සිට 2016.02.18 දක්වා කාලසීමාවේදී මෙම විශ්ව විද්‍යාලය කලාපයේ ඉහළින්ම පිළිගැනුන විශ්ව විද්‍යාලයක් දක්වා වැඩි දියුණු කිරීමට ඔහු කටයුතු කළේය.