අවශ්‍යතා සහිත පවුල් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා යුද්ධ හමුදාව සහාය වෙයි

ජනවාරී 05, 2019

යාපනය අර්ධද්වීපයේ අඩු ආදායම්ලාභී පවුල් 335 අතර වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සඳහා උතුරු පළාතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් මෑතකදී සහාය වූ බව යුද්ධ හමුදා නිල වෙබ් අඩවිය පවසයි. කරවෙඩ්ඩි, කුඩරප්පු, පුණිතනගර්, චුලිපුරම් සහ ආරියාලෙයි යන ගම්මාන වල වෙසෙන අඩු ආදායම් ලාබී පවුල් සඳහා මෙසේ වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීම සිදු කරන ලදී.

නව වසරේ ජාතින් අතර සුහදතාවය සහ සහයෝගිතාවය වර්ධනය කරගැනීමේ අරමුණින්, අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමියන්ගේ පුර්ණ දායකත්වයෙන් මෙම වියලි ආහාර ද්‍රව්‍ය බෙදාදීමේ වැඩසටහන පවත්වන ලදී.

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහභාගී විය.