අතුරුදන්වූ පුද්ගලයින් 20,000 ක් මියගොස් ඇති බවට පලවන වාර්ථා ජනාධිපති රාජපක්‍ෂ ප්‍රතික්‍ෂේප කරයි

ජනවාරී 25, 2020

අතුරුදන්වූවන් ලෙස ලේඛණගත කර ඇති පුද්ගලයින් 20,000 ක් මේ වන විට මියගොස් ඇති බවට ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා උපුටා දක්වමින් පලවන මාධ්‍ය වාර්ථා ජනාධිපති කාර්යාලය ප්‍රතික්‍ෂේප කරයි.  

ජනාධිපති රාජපක්‍ෂ මහතා එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකරණ නිලධාරී හා ශ්‍රී ලංකාවේ නේවාසික නිත්‍ය නියෝජිත හනා සිංගර් සමඟ මෑතකදී පැවැත්වූ සාකච්ඡාවකදී ඔහු පල කල අදහස් සාවද්‍ය ලෙස එම මාධ්‍ය මගින් උපුටා දක්වා ඇති බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති කාර්යලය පවසා සිටී.  

“අතුරුදහන් වූවන් ලෙස ලේඛණ ගත කර ඇති පුද්ගලයින් 20,000 ක් මියගොස් ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කල බව ජාත්‍යන්තර මාධ්‍ය නාලිකා කිහිපයක් වාර්ථා කර ඇත. එසේ වුවද මරණ සහතික නිකුත් කිරීමට පෙර අවශ්‍ය පරීක්‍ෂණ සිදුකරන බවට අදාල වැදගත් තොරතුරු මෙම සියලුම මාධ්‍ය වාර්ථාවලින් ඕනෑකමින් හෝ එසේ නොමැතිව හෝ බැහැර කර ඇත. තවද, ජනාධිපති රාජපක්‍ෂ මහතා හෝ සිංගර් මහත්මිය හෝ මෙම සාකච්ඡාවේදී සංඛ්‍යාවක් පිළිබඳව සඳහනක් නොකලහ. එම මාතෘකාව පිළිබඳ සාමාන්‍ය කරුණු පමණක් සාකච්ඡාවට භාජනය විය ” යැයි එම මාධ්‍ය නිවේදනයේ සඳහන් වේ.  

එම සම්පූර්ණ නිවේදනයේ සිංහල පරිවර්ථනය පහත දැක්වේ.  

“අතුරුදහන් ලෙස ලේඛණ ගත කර ඇති පුද්ගලයින් 20,000 ක් මියගොස් ඇතිබව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කල බව ජාත්‍යන්තර මාධ්‍ය නාලිකා කිහිපයක් වාර්ථා කර ඇත. එසේ වුවද මරණ සහතික නිකුත් කිරීමට පෙර අවශ්‍ය පරීක්‍ෂණ සිදුකරන බවට අදාල වැදගත් තොරතුරු මෙම සියලුම මාධ්‍ය වාර්ථාවලින් ඕනෑකමින් හෝ එසේ නොමැතිව හෝ බැහැර කර ඇත. තවද, ජනාධිපති රාජපක්‍ෂ මහතා හෝ සිංගර් මහත්මිය හෝ මෙම සාකච්ඡාවේදී සංඛ්‍යාවක් පිළිබඳව සඳහනක් නොකලහ. එම මාතෘකාව පිළිබඳ සාමාන්‍ය කරුණු පමණක් සාකච්ඡාවට භාජනය විය.  

20,000 කට අධික අතුරුදන්වූ පුද්ගලයින් මියගොස් ඇති බව ජනාධිපති රාජපක්‍ෂ මහතා පිළිගත්තේ යැයි සාවද්‍ය උපුටා ගැනීමක් මෙම සියලුම මාධ්‍ය වාර්ථා ඉතා අවාසනාවන්ත ලෙස ප්‍රචාරය කරමින් සිටී. මෙහිදී අතුරුදන්වූ හෝ මියගිය හෝ සංඛ්‍යාවන් පිළිබඳ කිසිම සඳහනක් සිදුනොකල අතර එවැනි අදහසක් ජනාධිපතිවරයා විසින් පිළිගත්තේද නැත.  

ජනාධිපති රාජපක්‍ෂ මහතා හා සිංගර් මහත්මිය අතර හමුවේදී මාතෘකා කිහිපයක් පිළිබඳව සාමාන්‍ය සාකච්ඡාවක් පමණක් පැවැත්විණි. මෙහිදී අවධානය යොමුවූයේ පාර්ශව දෙකටම අදාල අන්නෝන්‍ය කරුණු සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නව පාලනයට සහාය දැක්විය හැකි ආකාරයන් පිළිබඳවයි.  

පැයකට ආසන්න කාලයක් පැවති සාකච්ඡාවේදී ජනාධිපති රාජපක්‍ෂ මහතා දිළිඳුකම පිටු දැකීම, අධ්‍යාපනයට ඇති අවස්ථා වැඩිකිරීම, දේශගුණික විපර්යාසයන් සඳහා පිළියම් යෙදීම හා රජයේ දෙපාර්තමේන්තු ඩිජිටල් කරණය කිරීම වැනි කරුණු පිළිබඳව තමන්ගේ ඇති සැලසුම් පැහැදිලි කලේය.  

අතුරුදන් පුද්ගලයින් පිළිබඳ ක්‍රියාකරන්නේ කෙසේද යන මාතෘකාව සාකච්ඡාවට භාජනය වූයේ සිංගර් මහත්මිය ඇසූ පැනයකට දැක්වූ ප්‍රතිචාරයක් ලෙසටය. ශ්‍රී ලංකාවේ සාමය තහවුරු කිරීම වෙනුවෙන් පරිපාලනයේ ප්‍රමුඛතා මොනවාද යන්න ඇය විමසුවාය. ආර්ථික සංවර්ධනය ඇති කිරීම පිළිබඳව, අදාල ප්‍රදේශ වලින් පොලිස් සේවයට පුද්ගලයින් බඳවා ගැනීම හා අතුරුදන්වූ පුද්ගලයින් පිළිබඳ ප්‍රශ්ණයට පිළියම් යෙදීම වැනි කරුණූ සඳහා තමාගේ ඇති සැලසුම් පිළිබඳව ජනාධිපතිවරයා පැහැදිලි කලේය.

මළ සිරුරු හමුනොවීම හේතුවෙන් අතුරුදන්වූ තම ඥාතීන්ට අත්වූ ඉරණම කුමක් දැයි එම පවුල්වල අය නොදන්නා බව ජනාධිපති රාජපක්‍ෂ මහතා පැවසීය. කෙසේ වුවද එසේ අතුරුදන් වූවන් එල්ටීටීඊයට බඳවාගනු ලැබ හෝ එල්ටීටීඊ ය විසින් බලහත්කාරයෙන් බඳවාගනු ලැබ හෝ ඇති බව එම පවුල් වලින් වැඩි පිරිසක් සහතික කරයි. එනිසා අවශ්‍ය පරීක්‍ෂණ වලින් පසුව ඔවුන් සඳහා මරණ සහතික නිකුත් කිරීමට හා තම ජීවිත නැවත ගොඩනැගීමට එම පවුල් වලට අවශ්‍ය සහාය ලබාදීමට පියවර ගැනේ. ”