යුද්ධ හමුදාව විසින් සිදුකළ පැය 12 ක සෝදිසි මෙහෙයුමකින් සංවිධානාත්මකව ප්‍රවාහනය කල කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට

ජනවාරී 27, 2020

- කේරළ ගංජා කිලෝ 24 ක් සමග ජාවාරම්කරුවන් අට දෙනෙකු සහ බුරුත දැව තොගයක් අත්අඩංගුවට

අද (26) පෙරවරුවෙන් අවසන් වූ පැය 12 ක විශේෂ සෝදිසි මෙහෙයුමේදී කේරළ ගංජා කිලෝ 24  ක් සහ බුරුත ලී අඩි 99.5 ක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සොයාගෙන තිබේ.

වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ 56 වන සේනාංක භටපිරිස් විසින් ඒ 9 මාර්ගයේ පුලියන්කුලම සහ පුතූර් ප්‍රදේශයේ මාර්ගබාධක ස්ථානගත කර විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු කර ඇත.

යාපනයේ සිට කොළඹ බලා ධාවනය වන බස් රථවල මෙම නීතිවිරෝධී ද්‍රව්‍ය ප්‍රවාහනය කර ඇත.

මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම සහ ජාවාරම් මැඩපැවැත්වීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ නියෝගය අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විශේෂ සෝදිසි මෙහෙයුම ආරම්භ කර ඇත.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මග පෙන්වීම මත පොලිසියට සහයෝගය ලබාදීම සදහා යුද හමුදා භටපිරිස් යොදවා තිබුණි.

561 වන බලසේනාවේ සහ 563 වන බලසේනාව යටතේ රාජකාරි කරන 16 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 21 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් පෙරදින සන්ධ්‍යාවේ සිට පසුදින උදෑසන දක්වා සිදු කරන ලද සෝදිසි කිරීම් වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.

කේරල ගංජා සමඟ සැකකරුවන් අට දෙනෙකු සහ නීතිවිරෝධී දැව ප්‍රවාහනය කරන ලද බස් රථය අද (ජනවාරි 26) දින වවුනියා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලදී.

පුලියන්කුලම සහ ඕමන්ත පොලිසි මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරයි.