පිලිපීන නාවික හමුදා නෞකාවන් දෙකක් කොළඹ වරායට පැමිණේ

ජනවාරී 27, 2020

පිලිපීන නාවික හමුදාවට අයත් ‘රමොන් අල්කරාස්’ ‘Remon Alcaraz’ සහ ‘ඩවාවෝ ඩෙල්සූර්’ ‘Davao Delsur’ යන නෞකාවන් දෙක දින තුනක සුහද සංචාරයක් සදහා අද (ජනවාරි 26) දින කොළඹ වරායට ළගා විය

මෙම නෞකාවන් දෙක ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

නෞකාවන් දෙකෙහි මෙහෙයුම් අණදෙන්නා වන කර්නල් නොඑල් ඩි බෙලෙරන් (Noel De Belaran) සංචාරක පිලිපීන නෞකාවන් දෙකෙහි අණදෙන නිලධාරීන් දෙදනා වන කපිතන් ෆ්‍රැන්සිස්කෝ ලුවිස් (Francisco Luis) කොමාණ්ඩර් හෝමර් ඩි ගොන්සාලෙස් (Homer D Gonzales) සහ අනෙකුත් නිලධාරීන් පිරිස බටහිර නාවික විධාන මූලස්ථානයේදී බටහිර නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ මහතා හමුවුහ.

දෙපාර්ශවය අතර අන්‍යොන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබඳව සුහද සාකච්ඡාවක් පැවැත්වූ අතර එම අවස්ථාව සනිටුහන් කරනු වස් සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවිය.

නෞකාවන් මෙරට තුළ රැදී සිටින තෙදිනක කාල සීමාව තුළ නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී  ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලබන සුහද ක්‍රීඩා තරඟ, සංස්කෘතික වැඩසටහන්, දිව‍යිනේ වැදගත් ස්ථානයන්හි සංචාරයන් සිදු කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයක් සඳහා සහභාගී වීමට නියමිත අතර ජනවාරි 29 වෙනි දින නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතය.