ආරක්‍ෂක අමාත්‍යාංශ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය තම ධුරයෙහි වැඩ භාරගනී

ජනවාරී 30, 2020

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය චිත්‍රානි ගුණරත්න මහත්මිය අද (ජනවාරි 30) දින සිය තනතුරෙහි වැඩ භාරගත්තාය.

ආගමික වතාවත්වලට ප්‍රමුඛත්වය දෙමින් අමාත්‍යාංශයේදී මේ සම්බන්ධව චාම් උත්සවයක් පවත්වන ලදි.

මෙම අවස්ථාව සඳහා ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සේවා වනිතා ඒකකයන්හි සභාපතිනියන්  මෙන්ම ආරක්‍ෂක අමාත්‍යංශයේ  ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පාර්ලිමේන්තු කටයුතු)  ද සහභාගී වූහ.

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකය පිහිටුවා ඇත්තේ ආරක්‍ෂක හමුදා සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුල් සඳහා සුභසාධන පහසුකම් සැලසීම සඳහා ය. නිවාස, හදිසි අවශ්‍ය අවස්ථාවන්හිදී ආධාර ලබාදීම සහ “රණවිරු” දරුවන්ට අවශ්‍ය අධ්‍යාපන පහසුකම් සැලසීම මෙහි ප්‍රධාන අරමුණු අතර වේ.