පොදු සමාකාලයක් ප්‍රකාශයට පත්කිරීම

පෙබරවාරි 05, 2020
  • පුරා දශක තුනකට ආසන්න කාලයක් යුධමය වාතාවරණය පැවති වකවානුවේ රට දැය වෙනුවෙන් සේවය කිරීමට ත්‍රිවිධ හමුදාවට බැඳී විවිධ දුෂ්කරතා හා අපහසුතා හේතුවෙන් නීත්‍යානුකූල නොවන අයුරින් හමුදාව හැරගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින් හට නීත්‍යානුකූලව හමුදාවෙන් ඉවත්වීම සඳහා හෝ නැවත ත්‍රිවිධ හමුදාව හා එක්ව තම රට ජාතිය වෙනුවෙන් සේවය කිරීමට අවස්ථාවක් උදාකර දීම සඳහා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිතුමන්ගේ නියමය පරිදි 2020.02.05 (අද දින)  සිට දින 07ක පොදු සමාකාලයක් 72 වන නිදහස් දිනයට සමගාමීව ප්‍රකාශයට පත්කර ඇත.
  • මෙම පොදු සමා කාලය අදාල වන්නේ 2019.09.30 දිනට පෙර සේවය හැර ගිය සාමාජිකයින් සඳහා පමණි.