ගිනි අවි බලපත්‍ර අයදුම්පත් දැන් defence.lk වෙතින් ලබා ගත හැක

පෙබරවාරි 20, 2020

•    පුද්ගලික ආරක්‍ෂක ආයතන ලියාපදිංචි කිරීමේ අයදුම්පත් ද ඇත.  

මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද සහන කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැති හෝ බලපත්‍ර අලුත් නොකරන ලද  ගිනි අවි 200 ක් පළාත් නවයක පොලිස් ස්ථානයන් වෙත භාර දී ඇත.

ගිනි අවි බලපත්‍ර අලුත් කිරීම සඳහා අනුගමනය කළ යුතු නිසි ක්‍රියා පටිපාටිය පිළිබඳව මහජනයා දැනුවත් කිරීමේ අවශ්‍යතාව මෙයින් හදුනාගෙන තිබේ.

පුද්ගලික ආරක්‍ෂක සමාගම්වල මුලික ලියාපදිංචි කිරීම සහ ගිනි අවි බලපත්‍ර අළුත් කිරීම පිළිබද  විවිධ පාර්ශ්වයන් උනන්දුවක් දක්වන බව හඳුනාගෙන ඇත.

අදාළ අයදුම්පත් සඳහා ප්‍රවේශය (defence.lk) නිල වෙබ් අඩවියෙන්  ලබා දීමට ආරක්‍ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.  

ආරක්‍ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්‍ෂක සහ සංවර්ධන අංශය මගින් ගිනි අවි අලුත් කිරීම සහ ශ්‍රී ලංකාවේ පෞද්ගලික ආරක්‍ෂක සමාගම් ලියාපදිංචි කිරීම නියාමනය කරනු ලැබේ.  

ගිනි අවි ආඥා පනතට අනුව ගිනි අවියක් සන්තකයේ තබා ගන්නා සියළු පුද්ගලයින් සතුව වලංගු බලපත්‍රයක් තිබිය යුතුය.  

ආරක්‍ෂක අමාත්‍යංශයේ සිවිල් ආරක්‍ෂක සහ සංවර්ධන අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රියන්ත සුමනසේකර පවසන පරිදි සියලුම ගිනි අවි බලපත්‍ර සදහා වලංගු කාලසීමාව මාස 12 ක කාලයක් වන අතර බලපත්‍රය අවසන්වීමට පෙර (සෑම වර්ෂයකම දෙසැම්බර් 31 වන විට) නිසි පරිදි පුරවන ලද අළුත් කිරීමේ අයදුම්පතක්  ඉදිරිපත් කිරීමෙන් එය නැවත අලුත් කර ගත හැකිය.  

පොදු සමා කාලය අතරතුර ගිනි අවි භාර දුන් අයට අළුත් කිරීමේ ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා ගිනි අවි පොලිසියට භාර දුන් දින සිට මාස තුනක කාලයක් ලබා දෙනු ඇත.   

සතියක කාලයක් පුරා ලබාදී තිබු ගිනි අවි බාරදීමේ පොදු සමා කාලය අවසන් වීමත් සමඟ පොලිසිය අනෙකුත් බුද්ධි අංශ සමඟ නීති විරෝධී ගිනි අවි වැටලීම ආරම්භ කර තිබේ.   

නියමිත කාලසීමාවට බලපත්‍ර අළුත් කර නොමැති පුද්ගලයන්ට  එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගනු ඇත.  

ගිනි අවි අලුත් කිරීම සඳහා වන අයදුම්පත ලබා ගැනීම සඳහා පිවිසෙන්න.

අයදුම් පත්‍ර වර්ගය Download
ජීවිත ආරක්‍ෂාව හා දේපල ආරක්‍ෂාව වෙනුවෙන් නිකුත් කර ඇති පිස්දතෝල/රිවෝල්වර බලපත්‍ර අලුත් කිරීම සඳහා වන අයදුම්පත
පුද්ගලික ආරක්‍ෂක ආයතන ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත්‍රය - 2020 - 1
පුද්ගලික ආරක්‍ෂක ආයතන ලියාපදිංචි කිරීම සඳහා වන අයදුම්පත්‍රය - 2020 - 2