ජපාන නාවික හමුදා ‘තකනාමි’ (TAKANAMI) නෞකාව දිවයිනෙන් පිටත්ව යයි

පෙබරවාරි 23, 2020

2020 පෙබරවාරි මස 21 වන දින දිවයිනට පැමිණි ජපාන නාවික හමුදාවට අයත් ‘තකනාමි’ (TAKANAMI) නෞකාව අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත්ව යන ලදි.  

ඒ අනුව, දෙරට අතර සුහදත්වය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැමිණි මෙම නෞකාව දිවයිනේ රැදී සිටි කාල සීමාව තුළදී නෞකාවේ නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ විවිධ වැඩසටහන් කිහිපයකට ද සහභාගී විය. එහිදී දෙරටේ දැනුම සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට එම වැඩසටහන් ඉවහල් වූ අතර, ජපාන නෞකාවේ නිලධාරීන් සහ නාවිකයින්ගේ ප්‍රශංසාවට ද ලක් විය.   

එසේම, සාර්ථක තෙදින නිල සංචාරය නිමා කරමින් අද (2020 පෙබරවාරි 23) දිවයිනෙන් පිටත් වූ ජපාන නෞකාව වෙත නාවික සම්ප්‍රදායානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සමුදීම සිදු කෙරිණි.  

අනුග්‍රහය: නාවික හමුදා මාධ්‍ය ඒකකය