LTTE සංවිධානය ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇතැයි මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පවසයි

පෙබරවාරි 23, 2020

“අක්‍රීයව පවතින ත්‍රස්ත සංවිධානයක් වන ඊලාම් විමුක්ති කොටි සංවිධානය (LTTE) ලැයිස්තුගත ත්‍රස්ත සංවිධානයක් ලෙස පවතිනු ඇත.” මැලේසියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය මුහයිඩින් යසින් පැවසීය.

මැලේසියාවේ නීතිපති ටොමී තෝමස් විසින් එල්ටීටීඊය ලැයිස්තුගත කිරීම පිළිබඳ සමාලෝචනයක් කිරීම සඳහා කරන ලද යෝජනාව ප්‍රතික්ෂේප කරමින් මැලේසියානු ස්වදේශ කටයුතු අමාත්‍ය මුහයිඩින් යසින් සෙනසුරාදා (පෙබරවාරි 22) දින මෙම ප්‍රකාශය සිදු කළේය.

ඉන්දියාව, කැනඩාව, එක්සත් ජනපදය සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් දිගින් දිගටම එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කර තිබේ.

මැලේසියාවේ පාලක සන්ධානයේ පකටන් හරපන්ගේ සංරචක පක්ෂයක් වන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාකාරී පක්ෂයේ රාජ්‍ය නීති සම්පාදකයින් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 12 දෙනෙකුට එරෙහි චෝදනා ටැන් ශ්‍රී තෝමස් විසින් මතභේදාත්මක ලෙස ඉවත් කිරීමෙන් දිනකට පසු ඔහු මෙම ප්‍රකාශයක් නිකුත් කළේය.

මෙම පුද්ගලයින් 12 දෙනා වෙත එල්ටීටීඊයේ හිතවාදීන් යැයි චෝදනා එල්ල වී ඇති අතර, සටන්කාමී සංවිධානය යලි නගාසිටුවීම සඳහා ඔවුන් මුදල් එකතු කළ බවට චෝදනා ද එල්ල වී ඇත.
2009 වර්ෂයේදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන් විසින් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පරාජයට පත් කරන ලදී.

පිටු 11 කින් සමන්විතවූ තෝමස් මහතා චෝදනා අතහැර දැමීම පිළිබදව මැලේසියාවේ ගැසට් කරන ලද ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුව සමාලෝචනය කරන ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ඉල්ලා තිබේ.

මැලේසියාකිනි අන්තර්ජාල පුවතක් උපුටා දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය මුහයිඩින්ගේ ඊට පිළිතුරු සපයමින් : “මැලේසියානු රජය 2014 නොවැම්බර් 12 සිට එල්ටීටීඊය ත්‍රස්ත කණ්ඩායමක් ලෙස ලැයිස්තුගත කළේය.

බලධාරීන්ගේ නවතම තොරතුරු මත පදනම්ව, ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස එල්ටීටීඊ ලැයිස්තුව තුළ රඳවා ගැනීමට ශක්තිමත් පදනමක් ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස මට හැඟේ.

කණ්ඩායම් ක්‍රියාකාරකම් හා මතවාදයන් මැඩපැවැත්වීම සදහා පියවර ගැනීම බලධාරීන්ගේ වගකීම බව ඔහු පැවසීය.

එල්ටීටීඊය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කිරීම නීතියට අනුකූලව ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ විෂය පථයට අයත්ය.

“ස්වදේශ කටයුතු අමාත්‍යවරයාගේ අධිකරණ බලයට මැදිහත් වීමට නීතිපතිවරයාට නීතිමය වශයෙන්  බලයක් නොමැත” ඔහු පැවසීය.