ශාරීරිකව ආබාධිත වුවද තවදුරටත් අසරණයින් නොවේ

මාර්තු 03, 2020

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉබ්බාගමුව ප්‍රදේශයේ ජිවත්වන 48 හැවිරිදි මහින්ද එදිරිසුරිය, පසුගිය සැප්තැම්බර් මාසයේ දින 20 කට ආසන්න කාලයක් පැවති උපවාසයේදී නිරාහාරව සිටි රණවිරුවන්ගෙන් අයෙකි. කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සොල්දාදුවන් පස් දෙනෙකු සමඟ ආරම්භ වූ උපවාසය සදහා පසුගිය රජයෙන් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් ඔවුන් සමාජ විරෝධයක් ඇති කිරීමත් සමඟ රණවිරුවන්ගේ උද්ඝෝෂණය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් විය.

ආබාධිත සහ මියගිය රණවිරුවන්ගේ සංවිධානයේ කැදවුම්කරුවකු සහ ඔහුගේ සගයකු වන නිශාන්ත මහිරාජ් සිහිපත් කල එදිරිසුරිය  2016 වර්ෂයේ සිදුකල උද්ඝෝෂණයක් අතරතුරදී පොලීසිය විසින් එල්ල කරන ලද කඳුළු ගෑස් ප්‍රහාරයක් හේතුවෙන් ඔහුගේ දකුණු ඇස අහිමි වී ඇති බව පැවසීය. කැනිස්ටරයක් ඔහුගේ ඇසට වැදීමේ ප්‍රතිඵලයක් ලෙස දැඩි හානියක් සිදු වී එම ඇසෙහි පෙනීම අහිමි වී ඇත.

                   ආබාධිත රණවිරුවන්, ඔවුන්ගේ පවුල් සහ වැන්දඹුවන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පවත්නා තාක්ෂණික විෂමතාවන් පිළිබඳව අවධානය යොමු කරමින් නව කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කිරීම සඳහා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පසුගිය පෙබරවාරි 23 වන දින සකච්ඡාවක්  කැඳවීය. ආබාධිත අවිවාහක, ආබාධිත විවාහක, මියගිය අවිවාහක, මියගිය විවාහක යන ඛාණ්ඩ හතරක් යටතේ සංශෝධිත කැබිනට් පත්‍රය මගින් මතුව ඇති ගැටලු සියුම් ලෙස විමර්ශනය කිරීමට නියමිතව ඇත.

“අපගේ නිවැරදි සහ නීත්‍යානුකූල ඉල්ලීම් ලබා ගැනීමට එය අප විසින් සිදුකල උත්සාහයයි. එදින අප උත්සාහ කලේ අපගේ ඉල්ලීම් ලිඛිතව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත බාර දීමටයි. නොසලකා හැර ඇති අවුරුදු 12 ට අඩු සේවා කාලයක් තිබෙන ආබාධිත සොල්දාදුවන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවන ලෙස අපි 2016 වර්ෂයේදී ඉල්ලා සිටියා,” එදිරිසුරිය පැවසීය.

1990 වර්ෂයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 2 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුව වෙත ඇතුලත් වන විට ඔහුගේ වයස අවුරුදු 19 කි.ත්‍රිකුණාමලය, පාලම්පට්ටර් ප්‍රදේශයේ මාර්ග පරීක්ෂාවක් සිදුකරමින් සිටියදී පුද්ගල නාශක බිම්බෝම්බයකට හසුව ඔහු හට බරපතල තුවාල සිදුවී ඇත. මෙම සිදුවීමේ ප්‍රථිඵලයක් ලෙස ඔහුගේ දෙඅත් සහ පෙනීම අහිමිව ගොස් ඇත. ඉන්පසුව ඔහු වසර 3 කට වඩා වැඩි කාලයක් යුද හමුදා රෝහලේ සහ ආබාධිත සෙබළුන් සඳහා නේවාසික රැකවරණ මධ්‍යස්ථානය වන රාගම ‘රණවිරු සෙවන’ හි ගත කර ඇත.

“වත්මන් රජය සිය ධුරයේ දින 100 ක් ඇතුළත පසුගිය පාලන සමයේ සිදු වූ විවිධ අඩුපාඩු විසඳීමට දැනටමත් පියවර ගෙන ඇති විට, එවැනි විරෝධතාවයකට නීත්‍යානුකූල පදනමක් හෝ තාර්කිකව නිවැරදි බවක් මා දකින්නේ නැත.” මහින්ද එදිරිසුරිය

 

2019 වර්ෂයේදී ආබාධිත සහ මියගිය රණවිරුවන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම සඳහා වන දැනට පවතින යෝජනා ක්‍රමයේ අඩුපාඩු හඳුනාගෙන ඔවුන් සාමූහිකව ඔවුන්ගේ ගැටළු ඉදිරිපත් කළහ.

පසුව ඔවුන් විසින් ඉල්ලීම් හතරක් පසුගිය රජය වෙත ඉදිරිපත් කර ඇත. එනම් ආබාධිත සොල්දාදුවන් විශ්‍රාම යන විට ඔවුන් සදහා ජීවිතාන්තය දක්වා වැටුප් හා දීමනා ගෙවීම, ආබාධිත සොල්දාදුවාගේ මරණයෙන් පසුවද පවුලේ සාමාජිකයින්ට වැටුප් හා දීමනා ගෙවීම, විශ්‍රාම යන වයස අවුරුදු 55 සම්පූර්ණ වූ පසුවත් මියගිය රණවිරුවන්ගේ  භාර්යාවන්ට දිගටම වැටුප් හා දීමනා ගෙවීම සහ අවිවාහක මියගිය සොල්දාදුවන්ගේ දෙමව්පියන්ට වැටුප් හා දීමනා ගෙවීමයි.

වර්ථමාන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස සිටියදී ජනාධිපතිවරණයෙන් පසු ඔවුන්ගේ ඉල්ලීම් ඉටු කරන බවට පොරොන්දු වීමෙන් පසුව සැප්තැම්බර් 30 වන දින උපවාසය අත්හරින ලදී.

විරෝධතාවයෙන් පසු මාස හතරක්ද ගතවී ඇති අතර ජනාධිපතිවරණයෙන් මාස තුනකට පසු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතා ඡන්දයෙන් බලයට පත්වූ ජනාධිපතිවරණයෙන් පසු මාස තුනක්ද ගතවී අවසන්ය.

“සමහර විට, ආබාධිත රණවිරුවන් දේශපාලනඥයින්ගේ වාසි සඳහා වෙළඳ භාණ්ඩයක් බවට පත්ව ඇති බව මට සිතෙනවා. අපගේ සාමාජිකයින් කිහිප දෙනෙකු එවැනි අභිමතාර්ථ සහිත උපක්‍රම වලට හසුවීම කණගාටුවට කරුණකි,” එදිරිසුරිය පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මෑතකදී කොළඹ යුද හමුදා සෙබළුන් පිරිසක් විසින් සිදු කරන ලද විරෝධතාවක්  පිළිබඳව සදහන් කරමින්ය. “වත්මන් රජය සිය ධුරයේ දින 100 ක් ඇතුළත පසුගිය පාලන සමයේ සිදු වූ විවිධ අඩුපාඩු විසඳීමට දැනටමත් පියවර ගෙන ඇති විට, එවැනි විරෝධතාවයකට නීත්‍යානුකූල පදනමක් හෝ තාර්කිකව නිවැරදි බවක් මා දකින්නේ නැත.” ඔහු පැවසීය. හාස්‍යයට කරුණක් නම්, මෑතදී පැවැත්වූ උද්ඝෝෂණයට  සම්බන්ධ වූ කිසිවෙකු විශ්‍රාමිකයන් නොවේ. මම හිතන්නේ ඔවුන්ට යථාර්ථයන් වටහා ගැනීමට නොහැකි වී ඇතිබව හා එසේත් නැතිනම් මෙය දේශපාලන අරමුණු ඉටුකරදීමට සිදු කල ක්‍රියාවක් ලෙසයි.

ආබාධිත රණවිරුවන්, ඔවුන්ගේ  පවුල් සහ වැන්දඹුවන් සඳහා විශ්‍රාම වැටුප් ගෙවීම සම්බන්ධයෙන් පවත්නා තාක්ෂණික විෂමතාවන් පිළිබඳව අවධානය යොමු කරමින් නව කැබිනට් පත්‍රිකාවක් කෙටුම්පත් කිරිම සඳහා ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පසුගිය පෙබරවාරි 23 වන දින සාකච්ඡාවක් කැඳවීය. ආබාධිත අවිවාහක, ආබාධිත විවාහක, මියගිය අවිවාහක, මියගිය විවාහක යන ඛාණ්ඩ හතරක් යටතේ සංශෝධිත කැබිනට් පත්‍රය මඟින් මතුව ඇති ගැටලු සියුම් ලෙස විමර්ශනය කිරීමට නියමිතව ඇත.

2015 සිට ආබාධිත රණවිරුවන් විසින් කරන ලද සෑම අරගලයකම පාහේ නිශාන්ත මහිරාජ් ඉදිරියෙන් සිටියේය. 2016 දී ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ගාලුමුවදොරහි පැවති උද්ඝෝෂණයකදී පොලීසිය විසින් උද්ඝෝෂණය ව්‍යර්ථ කිරීමේ ක්‍රියාවලියේදී ඇති වූ ප්‍රතිඵලයක් ලෙස ඇසක් අහිමි කරගත් ඔහු පැවසුවේ අපගේ උද්ඝෝෂණ සහ උත්සාහයන් සියල්ලම සාධාරණ හේතු මත  සිදු කල බවයි. අවරුදු 12 ට අඩු සේවයක් සහිත ආබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුපක් ලබා දීම සඳහා පසුගිය පාලන තන්ත්‍රය විසින් ලබා දුන් කැබිනට් තීරණය, ඉන් පසුව පැවති රජය විසින් 2015 වසරේ  ඉවත්  කළ බවද ඔහු පැවසිය.

නිශාන්ත මහිරාජ්

2017 දී, මියගිය රණවිරුවන්ගේ වැන්දඹුවන් සහ ආබාධිත රණවිරුවන් සඳහා මාර්තු මාසය සඳහා ගෙවිය යුතු මුදලින් රු. 7,200 / = ක් කපා හැරිය බවද ඔහු ප්‍රකාශ කළේය. “වැන්දඹුවන් සහ ආබාධිත රණවිරුවන් සදහා ලැබෙන විශ්‍රාම වැටුප් හා සේවා ගෙවීම් අසාමාන්‍ය ලෙස ඉහල අගයක් ගන්නා බවට  අපිව දැනුවත් කලා ඒ වගේම රු. 3,500  / = ක් අගෝස්තු මාසයේ සිට විශ්‍රාම වැටුපෙන් අඩු කර ගත්තා. පසුගිය පාලන තන්ත්‍රය විසින් වැන්දඹුවන් සහ ආබාධිත රණවිරුවන් සමච්චලයට ලක් කලේ මෙලෙසයි” ඔහු අවධාරණය කළේය.

1995 දී ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට බැඳී ඇති 45 හැවිරිදි අසේල කුමාර, 2000 මැයි 30 වන දින වවුනියා-මන්නාරම  පාරේ රාජකාරියේ යෙදී සිටියදී පුද්ගල නාශක බෝම්බ  පිපිරීමක් හේතුවෙන් කිහිප තැනක  තුවාල ලැබූ විශ්‍රාමලත් සැරයන්වරයෙකි. ආබාධිත රණවිරුවන් පිරිසක් විසින් මෑතකදී කරන ලද විරෝධතාවය ඔහුගේ සැකයට  භාජනය වී ඇත.

“අවූරුදු 55 ට වැඩි කිසිවෙක් උද්ඝෝෂකයන් අතර නැහැ. ඔවුන් තව අවරුදු 10 කට වැඩි කාලයක සඳහා අවශ්‍ය මුදල් වැටුපෙන් ලබා ගනිවී. අවූරුදු 55 ට වැඩි 150 ක් පමණ වන ආබාධිත පොලිස් නිලධාරීන් අතරින් අතලොස්සකට හැරෙන්න අන් සියලු දෙනාට විශ්‍රාම වැටුප්  සහිතයි. පුදුමය නම්  මේ  සිදුවීම ගැන කිසිවෙකු උනන්දුවක් දක්වන බවක් නොපෙනිමයි. මෙම උද්ඝෝෂණය දේශපාලන සැලසුම් හා වාණිජ ප්‍රතිලාභ සඳහා සිදු  කරන ලද ක්‍රියාවක් බව මෙයින් ම පැහැදිලි වේ.” කුමාර පැවසුවේය.

 

“අපේ ජනාධිපති හා ආරක්ෂක ලේකම් දෙදෙනාම රණවිරුවන්, ඔවුන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා සටන් කල අයගේ හද ගැස්ම හොදින්ම හදුනන අතර වචනයෙන් හා  ක්‍රියාවෙන් තම කාර්යයන් ඔප්පුකර  ඇති   නිසා  මේ සඳහා  විසදුම් ලැබෙන බවට තවත් සහතිකවීමක් අවශ්‍යද ?”අසේල කුමාර

 

 


“යුද්ධයේ දී ජීවිත, අත් පා සහ ජීවනෝපායන් අහිමි වූ එම පවුල්වලට සහ පුද්ගලයන්ට වන්දි ගෙවීම පිළිබඳව කවුරුන් කවදා හෝ ප්‍රශ්න කර තිබේද යන්න ගැන මම ඔබට කියන්නම්. LTTE ත්‍රස්තවාදීන් විසින් මායීම් ගම්මානවල  ත්‍රස්ත ක්‍රියාකාරකම් සිදු කළා.දුම්රිය හා බස් තුල පුපුරවන් ලද බෝම්බ වලින් සිය ගණන් මිය ගියා. එවැනි දේවලට ගොදුරු වුවන්ට ලැබූ ප්‍රතිලාභ පිළිබද කුමක් කිව හැකිද? ,” කුමාර පැවසීය. 

බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුමකදී තම  පෙනීම හා දෙඅත් අහිමි කරගත් එදිරිසුරිය විශ්වාසය  වන්නේ මෙම ඉල්ලීම් රජය විසින් සපුරාලනු ඇති බවයි. “අපේ ජනාධිපති හා ආරක්ෂක ලේකම් දෙදෙනාම රණවිරුවන්, ඔවුන් ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීම සඳහා සටන් කල අයගේ හද ගැස්ම හොදින්ම හදුනන අතර වචනයෙන් හා  ක්‍රියාවෙන් තම කාර්යයන් ඔප්පුකර  ඇති   නිසා  මේ සඳහා  විසදුම් ලැබෙන බවට තවත් සහතිකවීමක් අවශ්‍යද ?” ඔහු ප්‍රශ්න කරයි.  

බලපෑමට ලක්වූ විවිධ පාර්ශවයන් සලකා බලා වත්මන් රජය මෙම ගැටළුව විසඳීමට සහතික විය.

ආරක්ෂක ලේකම්වරයා මූලික කාරණය හඳුනා ගැනීම ගැන සතුටු වන බව ඔහු පැවසීය. “ ඇත්ත වශයෙන්ම, අප අපගේ ඉල්ලීම් වලින් එකක් ඉදිරිපත් කළ විට - එනම් වැටුප 55 න් පසුවද විශ්‍රාම වැටුපක් ලෙස අඩු කිරීමකින් තොරව ගෙවීම ඉදිරිපත් කල විට  - පසුගිය රජය එය අතිරේක දීමනාවක් ලෙස ලබා දීමට එකඟ විය. මෙම තීරණය පිලිබඳ යෝජනා ඉදිරිපත් කිරීමට  පැහැදිලි කිරීම සඳහා මුදල් ඇමති ඇතුළු වගකිවයුතු නිලධාරියෙකු හමුවීම අපට ප්‍රතික්ෂේප විය.”

“බලයේ සිටි තන්ත්‍රයන් හිතාමතාම ත්‍රිවිධ හමුදාව නොසලකා හරින කාලයක් තිබුණා. සොල්දාදුවන් හැඳින්වූයේ ‘හමුදා කාරයා’ යනුවෙනි. ඇත්ත වශයෙන්ම කාලය වෙනස් වී ඇති අතර දැන් මිනිසුන් අප දෙස බලන්නේ ‘රණවිරුවන්’ ලෙසයි. ඔව්, මා ආබාධිත විය හැකි නමුත් මම  අසරණ වී නැහැ .”පවසා සිටි එදිරිසුරිය කිසි විටෙකත් මැකී නොයන සොල්දාදුවෙකුගේ අභිමානය පෙන්නුම් කරමින්  ඔහුගේ පුටුවට හේත්තු විය.