COVID -19 පැතිරීම පාලනය කිරීම සඳහා රජය වැඩි මහජන සහයෝගයක් ඉල්ලා සිටී

මාර්තු 17, 2020

• රජය COVID-19 අවම කිරීම සඳහා ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයක් පිහිටුවයි.
• මාර්තු 1 සිට 9 දක්වා කාලය තුළ ඉතාලිය, දකුණු කොරියාව සහ ඉරානය යන රටවලින් මෙරට තුළට ඇතුළු වූ අය ස්වයං නිරෝධායනයකට භාජනය වන ලෙස ඉල්ලා සිටී.
• මාර්තු මස 18 වන දින මධ්‍යම රාත්‍රියේ සිට බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත මගීන් පැමිණීම තාවකාලිකව නතර කිරීමට නියමිතය

කොරෝනා වෛරසය (COVID-19) පැතිරීම වළක්වා ගැනීමේ  පියවරක් ලෙස මාර්තු මස 1 සිට 9 දින දක්වා කොරෝනා වෛරසයෙන් පීඩාවට පත් රටවල සිට පැමිණි මගීන් හට තම නිවෙස්වලට වී ස්වයං නිරෝධායනයකට භාජනය වන ලෙස රජය ඉල්ලා සිටී.

මාර්තු මස 1 වන දින සිට 9 වන දින දක්වා කාලය තුළ මෙරටට පැමිණි නිරෝධායන ක්‍රියාවලිය මග හැර ඇති 1,500 දෙනාගෙන් 800 කට ආසන්න සංඛ්‍යාවක් පුත්තලම් දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බව වාර්තා විය. වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා නිරෝධායන ක්‍රියාවලියේ යෙදිය යුතු කණ්ඩායමක් ලෙස ඔවුන් හඳුනාගෙන ඇත.

 “COVID-19 පැතිරීම මැඩපැවැත්වීමේ රජයේ දෙවන අදියර මාර්තු 10 වන දින ආරම්භ වූ අතර මේ දක්වා 2,250 කට අධික පිරිසක් නිරෝධායන ක්‍රියාවලියට භාජනය වී ඇත.” මේ බව COVID-19 පැතිරීම  වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙහි (NOCPCO) මූලිකත්වය ගෙන කටයුතු කරන යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල්  ශවේන්ද්‍ර සිල්වා අද (මාර්තු 17) දින රාජගිරියේ පිහිටි එම මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.

නිරෝධායන මධ්‍යස්ථානවල නිරෝධායන ක්‍රියාවලිය මඟ හැර ඇති අය සඳහා රජය විසින් නිවෙස් නිරෝධායනය හඳුන්වා දී ඇති බවත්, වෛරසය පැතිරීම පාලනය කිරීමට හොඳම ක්‍රමය මෙය බවත් ඔහු පැවසීය.

ගුවන්තොටුපල වසා දැමීමෙන් පසුව, නිරෝධායන මධ්‍යස්ථාන වල පරීක්ෂාවෙන් සහ අධීක්ෂණයෙන් වැළකී සිටින දේශීය පුද්ගලයන් අතර වෛරසය පවතී. යුද හමුදාධිපතිවරයා මේ බව පවසා සිටියේ පොලීසිය විසින් ඔවුන් සිටින ස්ථානයන්  හඳුනාගෙන ඔවුන් සෙවීම සඳහා ගෙන ඇති පියවර පැහැදිලි කරමින්ය.

ඔහු විසින් පුත්තලම ප්‍රදේශයේ සිටින අයගෙන් ඉල්ලා සිටියේ ලියාපදිංචි වීම සඳහා ළඟම ඇති පොලිස් ස්ථානයට වාර්තා කරන ලෙසයි. ඔවුන් විසින් එම උපදෙස් පිළිපදින්නේ නොමැතිනම්, එම ප්‍රදේශයේ යම් යම් දේ සීමා කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීමට රජය පසුබට නොවනු ඇත.

COVID-19 වෛරසය පැතිරීම සහ රජයේ තීරණ සම්බන්ධ සියලු තොරතුරු එයට සම්බන්ධ සියළු පාර්ශවයන් එක් ස්ථානයකට එක්ව සිටින ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හරහා සන්නිවේදනය කරනු ලබයි.

“මෙම ජාතික ප්‍රයත්නයේදී සහයෝගයෙන් යුතුව කටයුතු කරන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇති උපදෙස් පිළිපදින ලෙසත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා”, ලුතිනන් ජෙනරාල් සිල්වා පැවසීය.

ශ්‍රී ලංකාව තුල COVID-19 අසාදිත  ප්‍රමාණය 43 දක්වා ඉහළ ගොස් ඇති බව මාධ්‍ය සාකච්ඡාව අතරතුරදී සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි පැවසුවාය.

දිවයින පුරා වන lockdown (ආරක්ෂක හේතුන් මත සියළු ආයතනයන් තුල ක්‍රියාකාරකම් සීමා කිරීම හෝ  නැවත්වීම) කිරීම  සඳහා රජය විසින් ගත හැකි තීරණයක් පිළිබඳව මතු කළ විමසුමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරිය පවසා සිටියේ,ඒ තුලින් ප්‍රබල වෙනත් ප්‍රතිවිපාක ඇතිවිය හැකි බැවින් රෝගය පැතිරීම අවම කිරීම හොඳම පියවර බවයි.

රජය විසින් ආරම්භ කරන ලද වැළැක්වීමේ හා පූර්වාරක්ෂාව සඳහා වන පියවරයන් ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තරයේ ප්‍රශංසාවට ලක්ව ඇති බව ඇය පැවසුවාය.

“දිවයින පුරා වාර්තා වූ COVID -19 ආසාදිත  පුද්ගලයින් 43 ක්  වන අතර පරාර්ථකාමීව නිරෝධායන කටයුතු වල නිරත වූ   යුද හමුදා නිලධාරියෙකු ඒ අතර සිටීම අවාසනාවක්.” ඇය පැවසීය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ පවසන පරිදි නව රෝගීන් හය දෙනාගෙන් එක් අයෙකුගේ බිරිඳ COVID-19 අසාදිත වී ඇති අතර අනෙක් ආසාදිතයින් අතර එක්සත් රාජධානියේ සහ ජර්මනියේ සිට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු ද වේ.

තවත් රෝගීන් දෙදෙනෙකු කැළණිය හා මාරවිල ප්‍රදේශ වලින් වාර්තා වී ඇත.” ඔහු පැවසුවේය. “උඩුගම්පොල ප්‍රදේශයේ පදිංචිව සිටින  කටාර් සිට පැමිණි පුද්ගලයෙකුත් අසාදිත වී ඇති බව තහවුරු වී ඇත.” ඔහු පැවසීය.  

මේ අතර, වෛරසය සීඝ්‍රයෙන් පැතිරීම පාලනය කිරීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ප්‍රකාශයට පත් කරන ලද එකිනෙකා අතර දුර පවත්වා ගැනීම, සනීපාරක්ෂක උපදෙස් සහ සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කරන ලෙස වෛද්‍ය ජාසිංහ මහජනයා දැනුවත් කළේය.

 “මහජනතාව එම උපදෙස් පිළිපැදීමට අපොහොසත් වුවහොත් සහ ඔවුන් දැනටමත් වෛරසයට නිරාවරණය වී ඇති බවත් හැගෙන අයවළුන් නිසා මෙන්ම ස්වයං නිරෝධායනයට ලක්ව සිටින අයවළුන් නිසා තත්වය තවත් උග්‍ර විය හැකිය.” ඔහු පැවසීය. මෙම තත්වය පැතිරී යාම වැළැක්වීම සඳහා රජයට සහාය දැක්වීමේදී මහජනතාවට විශාල වගකීමක් ඇති බවද ඔහු පැවසීය.

සමාජ මාධ්‍යවල අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම පිළිබඳ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වමින් , නියොජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ සමාජ මාධ්‍ය තුල අසත්‍ය තොරතුරු පැතිර වූ තවත් දෙදෙනෙකු හදුනාගෙන ඇති බවයි.

“කොරෝනා  වෛරසය  සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු පතුරවන පුද්ගලයින්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නවා ඒ වගේම මෙවැනිම චෝදනා මත සැකකරුවන් 40 කට වැඩි පිරිසක් දැනටමත් හඳුනාගෙන තිබෙනවා.” ඔහු පැවසීය.

මෙම අර්බුදකාරී තත්ත්වය තුළ සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ගුණාත්මක සෞඛ්‍ය සහ වෙනත් සේවාවන් සහතික කිරීම සඳහා  ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පුර්වාරක්ෂක හා කළමනාකරණ පියවරයන්  ගනු ඇත.

මාර්තු මස 1 දින සිට 15 වන දින දක්වා කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණි අය සඳහා පොලීසියේ ලියාපදිංචි වීම සඳහා පහත සඳහන් දුරකථන අංක හඳුන්වා දී ඇත.

නව දුරකථන අංක පහත පරිදි වේ

0112 444480
0112 444481
0115 978720
0115 978730
0115 978734

මේ අතර, මේ සඳහා විද්‍යුත් තැපැල් ලිපිනයක් ද හඳුන්වා දී ඇත - lahd@police.lk.