නිරෝධායනය සදහා පැමිණි පළමු කණ්ඩායම දින 14 ක නිරෝධායනය අවසන් කර සිය නිවෙස් බලා පිටත් වේ

මාර්තු 24, 2020

කොරෝනා වෛරසය පැතිරී ඇති රටවල සිට මෙරටට පැමිණි 311 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අද (මාර්තු 24) දින හමුදා නිරෝධායන මධ්‍යස්ථානවල දින 14 ක නිරෝධායනය සම්පූර්ණ කිරීමෙන් පසු සිය නිවෙස් බලා පිටත්ව ගියහ.

යුද්ධ හමුදා මාධ්‍යට අනුව පුද්ගලයින් 108 දෙනෙකු කන්දකාඩු  නිරෝධායන මධ්‍යස්ථානයෙන් සහ 203 දෙනෙකු පූනානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.