බස්නාහිර පළාතේ නව ආණ්ඩුකාර ධුරයට හිටපු ශ්‍රී ලංකා ගුවන් හමුදා ප්‍රධානී රොෂාන් ගුණතිලක

මාර්තු 24, 2020

බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති මාෂල් ඔෆ් ද එයාර් ෆොස් රොෂාන් ගුණතිලක පත් කර තිබේ.

ඔහු ඊයේ (මාර්තු 24) දින ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දුන්නේය.