ශ්‍රි ලංකා නාවික හමුදාව වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ බෝවන රෝග ඒකකය ප්‍රතිසංස්කරණය කරයි

මාර්තු 26, 2020

ශ්‍රි ලංකා නාවික හමුදාව වවුනියා දිස්ත්‍රික් මහ රෝහලේ බෝවන රෝග ඒකකය ප්‍රතිසංස්කරණය කරයි.මෙය  රටපුරා පැතිර පවත්නා කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීම පිණිස ශ්‍රි ලංකා නාවික හමුදාව විසින් දියත් කරනු ලැබු  තවත් එක් ව්‍යාපෘතියකි.

COVID -19 වෛසරය ආසාදිත රෝගීන් ඇතුලත් කර ගැනීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රාදේශීය හා දිස්ත්‍රික් රෝහල්වල ධාරිතාව ඉහළ නැංවීමට මෙම උත්සාහය  මඟින් අපේක්ෂා කරයි.

නාවික හමුදාවට අනුව මෙම ව්‍යාපෘතිය මාර්තු මස 23 වන දින ආරම්භ කරන ලදි. නාවික හමුදාපති අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු කණ්ඩායමක් සම්බන්ධ කර ගනිමින් මෙම ව්‍යාපෘතිය  සිදු කරනු ලබයි.

තවද,  මෙම අලුත්වැඩියා කටයුතු  සිදු කරනු  ලබන්නේ උතුරු මැද නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් ලලිත් දිසානායකගේ අධික්ෂණය මත වේ.