Ministry of Defence - Sri Lanka

Right to Information

තොරතුරු දැනගැනීමේ අයිතිය


තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ නිකුත් කරනු ලබන වාර්ෂික වාර්තාව 2020

2016 අංක 12 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි 8 වන වගන්තිය යටතේ ප්‍රසිද්ධ කරනු ලබන අර්ධ වාර්ෂික වාර්තාව - 2021 දෙසැම්බර්

තොරතුරු වලට ප්‍රවේශ වීමේ පටිපාටිය

පනත - 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත

නියෝග - 2017 පෙබරවාරි 03 දින හා අංක 2004/66 දරන අති විශේෂ ගැසට් පත්‍රය

රීති - 2017 පෙබරවාරි 17 දින හා අංක 2006/43 දරන අති විශේෂ ගැසට් පත්‍රය


පොදු අධිකාරිය - ආරක්ෂක අමාත්‍යංශය

ඉහත පනත යටතේ ආරක්ෂක අමාත්‍යාංශයට අදාළ තොරතුරු ලබාගැනීම සඳහා පනතේ සඳහන් තොරතුරු නිලධාරියා වෙත RTI 01 දරන අයදුම්පත්‍රය මගින් අයදුම් කළ හැකිය. මෙම අයදුම්පත්‍රය ඉදිරිපත් කිරිම අනිවාර්ය නොවේ.

තොරතුරු ලබා ගැනීමේ අයදුම් පත්‍රය භාගත කිරීම


තොරතුරු ලබාගැනීමට ඉල්ලුම් කිරිම

  1. තොරතුරු ලබාගැනීමට ලිඛිත RT-01 අයදුම්පත්‍රය හෝ ලිපියක් වාචික ඉල්ලීමක් තොරතුරු නිලධාරියා වෙත කර එය ලැබුණු බවට ලිපියක් ලබාගන්න.
  2. ඔබේ ඉල්ලීමට අදාල තොරතුරු සැපයිය හැකිද යන්න පිළිබඳව හැකි ඉක්මනින්, කෙසේ වුවද දින 14 ක් තුළ දන්වනු ලැබේ.
  3. ඉල්ලා සිටින ලද තොරතුරු ඔබට දීමට තීරණය කළහොත් කොමිෂන් සභාව නියම කළ ගාස්තුවක් ගෙවිය යුතු නම් එය දන්වා එවනු ඇත. තොරතුරු ලබාගැනීමට ගෙවීමක් කළයුතු නම් ඒ අනුව ගාස්තු ගෙවීම මත හෝ ගාස්තු ගෙවිය යුතු නොවේ නම් ගාස්තු රහිතව ඔබට දින 14 ක් තුළ ‍තොරතුරු ලබාදෙනු ඇත.
  4. ගාස්තු ගෙවීමෙන් පසු දින 14 ක් තුළ තොරතුරු ලබාදීම අපහසු වේනම් තොරතුරු නිලධාරියා විසින් එකී කාලය දීර්ඝකිරිමට අවශ්‍ය හේතු සඳහන් කරමින් දින 21 කට නොවැඩි අතිරේක කාලයක් තුළ ඔබ ඉල්ලා සිටි තොරතුරු ඔබට ලබාදෙනු ඇත.
  5. තොරතුරු ලබාගැනීම සඳහා වන ඉල්ලීම් යම් පුරවැසියෙකුගේ ජීවිතය සහ පුද්ගලික නිදහස සම්බන්ධයෙන් වන අවස්ථාවක ඉල්ලීම සඳහා ප්‍රතිචාර දැක්වීම ඉල්ලීම ලැබී පැය 48 ක් තුල සිදුකරනු ඇත.
  6. තොරතුරු ලබාගැනීම සඳහා කරන ලද ඉල්ලීමකට අදාලව,
    1. තොරතුරු ඉල්ලීම සඳහා කරන ලද යම් ඉල්ලීමක් භාරගැනීම ප්‍රතික්ෂේප කිරිම,
    2. පනතේ 5 වැනි වගන්තිය යටතේ ප්‍රදානය කිරිමෙන් මුක්ත කර ඇති තොරතුරු හේතුවෙන් යම් තොරතුරක් වෙත ප්‍රවේශ වීම සදහා අවස්ථාව ලබාදීම ප්‍රතික්ෂේප කිරිම,
    3. පනත මගින් නිශ්චිතවම දක්වා ඇති කාල සීමාවන්ට අනුකූල නොවීම,
    4. සම්පූර්ණ නොවු, නොමඟ යවන හෝ සාවද්‍ය තොරතුරු ප්‍රදානය කිරිම,
    5. වැඩිපුර ගාස්තු අයකිරිම,
    6. ඉල්ලා සිටිනු ලබන ආකෘතියෙන් තොරතුරු සැපයීමට තොරතුරු නිලධාරියා විසින් ප්‍රතික්ෂේප කිරිම,
    7. එම තොරතුරු වෙත එම පුරවැසියා ප්‍රවේශවීම වැළැක්වීම සඳහා එම තොරතුරු විකෘති කර, විනාශ කර හෝ අස්ථානගත කර ඇති බවට තොරතුරු ඉල්ලා සිටිනු ලබන පුරවැසියා හට සාධාරණ හේතු පැවතීම

මත අතෘප්තියට පත්වන්නේ නම්, පහත නම් සඳහන් කළ නිලධාරියා වෙත දින 14 ක් තුළ අභියාචනයක් ඉදිරිපත් කළ හැකිය. නම් කළ නිලධාරියාගේ තීරණය දින 21 ක් තුළ දන්වනු ලැබේ.

නම් කල නිලධාරියා වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය භාගත කිරීම


තොරතුරු නිලධාරී

        ඩී.එම් මධුසංක දිසානායක මහතා
        ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්,
        (ආරක්‍ෂක),
        තොරතුරු නිලධාරී,
        ආරක්‍ෂක අමාත්‍යාංශය,
        ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය,
        ශ්‍රී ජයවර්ධනපුර,
        කෝට්ටේ.


තොරතුරු විමසීම්

        ශෂිණී වීරතුංග මිය
        සංවර්ධන නිලධාරී

        දුරකථන :0112 430860-9         ෆැක්ස්     :- 011 2541 529
        ජංගම     :- 070 3611 666
        විද්‍යුත් තැපැල් ලිපිනය :- defadmn2024@gmail.com


නම් කළ නිලධාරී

        නීතීඥ ප්‍රියංගනී හේවාරත්න මිය

ලිපිනය

        නම් කළ නිලධාරී
        අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු හා ප්‍රතිපත්ති) (රා.ආ)
        ආරක්ෂක අමාත්‍යාංශය,
        ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය,
        ශ්‍රී ජයවර්ධනපුර,
        කෝට්ටේ.

        දුරකථන අංක :- 011 2430 860-9
        ෆැක්ස්     :- 011 2333 928
        ජංගම     :- 071 5317 172
        විද්‍යුත් තැපැල් ලිපිනය :- priyangani.hewarathna@gmail.com


නම් කළ නිලධාරී තීරණයෙන් ද ඔබ අතෘප්තියට පත් වන්නේ නම් හෝ දින 21 තුළ තීරණය නොලැබුණේ නම් තොරතුරු දැන ගැනීමේ කොමිසමට අභියාචනා කළ හැකිය.


අධ්‍යක්ෂ ජනරාල්/ සභාපති

        තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව
        කාමර අංක 203, 204 දෙවන පරිශ්‍රය
        බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව,
        බෞද්ධාලෝක මාවත, කොළඹ 07


        දුරකථන :- 011 2691625, 0112691265
        විද්‍යුත් තැපැල් ලිපිනය :- rticommission16@gmail.com


තොරතුරු දැන ගැනීමේ කොමිසම වෙත යවන අභියාචනා අයදුම් පත්‍රය භාගත කිරීම