පසුගිය පුවත්
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි සිය කාර්යාලීය වැඩ අරඹයි
ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය අද (මැයි 27) උදෑසන සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකින් අනතුරුව තම රාජකාරි අරඹන ලදී.
ආරක්ෂක අමාත්‍යාංශයේ සේවා වනිතා ඒකකයේ සභාපතිනි සිය කාර්යාලීය වැඩ අරඹයි
ආරක්‍ෂක අමාත්‍යංශයේ සේවා වනිතා ඒකකයේ නව සභාපතිනිය වන සෝනියා කොට්ටෙගොඩ මහත්මිය අද (මැයි 27) උදෑසන සිය කාර්යාලයේ පැවති චාම් උත්සවයකින් අනතුරුව තම රාජකාරි අරඹන ලදී.
පටු මානසිකත්වයකින් ක්‍රියාකරන්නන් හේතුවෙන් නොසන්සුන්කාරිව නොහැසිරෙන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටි
ත්‍රිකුණාමලය, කින්නියා හි කන්දල්කාඩු ප්‍රදේශයේ දී නීති විරෝධී වැලි ජාවාරමේ නිරතව සිටි පුද්ගලයන් 06 දෙනෙකු ඊයේ (මැයි 23) දින නාවික හමුදා භටපිරිස් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අසත්‍ය පුවත්පත් වාර්තාවක් පිලිබඳ පොලිස් විමර්ශන
තව්හීඩ් ජමාත් සංවිධානයට සම්බන්ධ වෛද්‍යවරයකු විසින් සිසේරියන් සැත්කම් සිදුකරන අතරතුර සිංහල කතුන් 4000 කගේ පමණ වඳ සැත්කම් සිදුකර ඇති බවත්, ඒ පිළිබඳව සාක්‍ෂි ලැබී ඇති බවත්, එම වෛද්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්‍ෂණ ආරම්භ කර ඇති බවත් සඳහන් පුවතක් ඊයේ (මැයි 23) ජාතික පුවත්පතක මුල් පිටුවේ පලවිය.
ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාට ජනපතිගෙන් සුබපැතුම්
ඉන්දීය මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබාගත් අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.
තිස් වසරක යුද ජයග‍්‍රහණයේ සත්‍ය මෙන්ම අභිමානවත් කතාව මතු පරපුරට මෙන්ම ලෝකයට ද කියැවීමට ඉඩ සැලසිය යුතු බව ජනපති පවසයි
වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ට රණ ශූරත්වය, දේශාභිමානය සහ උත්තම මානුෂීය ගුණාංග පිළිබඳ මතු පරපුරට ද කියැවිය හැකි අන්දමින් තිස් අවුරුදු යුද ජයග‍්‍රහණයේ ශ්‍රේෂ්ඨ වීර කතාව කෘතියකට නැංවීම කාලීන අවශ්‍යතාවයක් බව ජනාධිපතිතුමා පවසයි.
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් ජෝන් හොලි (HE Mr. David John Holly) මැතිතුමන් ඊයේ (මැයි 21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩීසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
ඩීඑන්ඒ පරීක්ෂණ මගින් මරාගෙන මැරුණු බෝම්බකරුවන්ගේ අනන්‍යතාවය තහවුරු කරයි
රජයේ රස පරීක්‍ෂක දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද DNA පරීක්‍ෂණ අනුව පාස්කු ඉරිදා මරාගෙන මැරුණු බෝම්බ කරුවන්ගේ අනන්‍යතාවය අඟහරුවාදා (මැයි 21) දින සවස තහවුරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ඊයේ (මැයි 21) දින කොල්ලුපිටිය මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී අනාවරණය කළේය.
විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
යුද, නාවික හා ගුවන් හමුදාවලට අයත් නිත්‍ය බල සේනාවන්හි ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉටු කරන ලද සුවිශේෂී වූ සේවාව වෙනුවෙන් උපහාර වශයෙන් පිරිනැමෙන විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ප්‍රදානය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.
වෙසක් සමයේ සාමකාමී වාතාවරණයක්
වෙසක් සමය තුල දිවයිනේ ඉතා සාමකාමී වාතාවරණයක් පැවති අතර ජන ජීවිතය යථා තත්ත්වයට පත් වී තිබිණි. කෙසේ වෙතත්, පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව එක්ව සාමය පවත්වාගෙන යාමට අවශ්‍ය මෙහෙයුම් සහ පරීක්ෂණ කටයුතු නියමිත පරිදි සිදුකරනු ලබයි.
ජපාන නියෝජ්‍ය තානාපති ආරක්ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ටොෂිහිරෝ කිටමුරා (Mr. Toshihiro Kitamura) මැතිතුමන් අද (මැයි 21) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පි ආර්එස්පි වීඑස්වී යුඑස්පි එන්ඩීසි මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය සහ කැපවීම මත මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනපති පවසයි
වීරෝදාර රණවිරුවන්ගේ විශිෂ්ටත්වය, කැපවීම සහ ජීවිත පරිත්‍යාගය තුළ මව්බිම සෑමවිටම සුරක්ෂිත වූ බව ජනාධිපතිතුමා පවසයි.
SInhala.
රට තුළ සාමය ස්ථාපිත කර ඇත
මේ වනවිට රට තුල සාමය ස්ථාපිත කර ඇති අතර, පවතින සාමකාමී තත්ත්වය තුල ආරක්ෂක අංශ දැඩි අවදානයෙන් පසුවන බවත්, යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සාමය බිඳ දැමීමට කටයුතු කරන්නේ නම් ඔවුන්ට එරෙහිව නිතිය තදින් ක්‍රියාත්මක කරනු ඇත.
සාමයේ දසවර්ශාභිෂේක සැමරුම් උළෙල - 2019
දශක 03ක් පුරාවට ශ්‍රී ලංකාව තුළ පැවති කුරිරු ත්‍රස්තවාදය මෙරටින් තුරන් කිරීම සඳහා රණවිරුවන් දිවිහිමියෙන් රට වෙනුවෙන් සටන් කොට ත්‍රස්තවාදය මුලින් උපුටා දමා සියලු ලක්වාසී ජනතාවට සාමය දායාද කරදී 2019.05.19 දිනට දස වසරක් සපිරීම නිමිත්තෙන්
නීති විරෝධී ආකාරයෙන් කරයුතු කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග
මේ රටේ සාමය හා සහජීවනය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අප විසින් ගෙන ඇති ක්‍රියාමාර්ගය පිළිබඳව අවධානය යොමු කිරීමට මම කැමතියි.
ප්‍රචණ්ඩ කාරී ක්‍රියාවල යෙදෙන්නන් පිළිබඳව විමර්ශන දිගටම
වයඹ පළාතේ සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ පරීක්‍ෂණ දිගටම සිදුවෙමින් පවතින අතර, මෙය පසුපස සිටින අයවලුන් සොයා ගැනීම සඳහා බුද්ධි අංශ විසින් ද වෙනම පරීක්‍ෂණ සිදුකරයි.
ඉන්දියානු ආරක්‍ෂක උපදේශක ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කපිතාන් අශෝක් රාඕ (Captain Ashok Rao) මහතා අද (මැයි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පීඑස්සී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
කැනේඩියානු මහ කොමසාරිස් ආරක්‍ෂක ලේකම් හමුවෙයි
ශ්‍රී ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් ඩේවිඩ් මැකිනොන් (HE Mr David McKinnon) මැතිතුමන් අද (මැයි 17) දින ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම් ජෙනරාල් එස්එච්එස් කෝට්ටේගොඩ (විශ්‍රා) ඩබ්ඩබ්වී ආර්ඩබ්පී ආර්එස්පී වීඑස්වී යුඑස්පී පිඑස්සී මහතා අමාත්‍යංශ පරිශ්‍රයේ දී හමුවිය.
චීන සංචාරය සාර්ථක ව නිම කළ ජනපති යළි දිවයිනට
ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාවට සහ සංවර්ධනයට අදාළ සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් රටට ප්‍රතිලාභ රැසක් උදාකර ගැනීම වෙනුවෙන් චීනයේ කෙටි නිල සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද උදෑසන (16) යළි දිවයිනට පැමිණියේ ය.
වයඹ පළාතේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 78 දෙනෙකු අත්අඩංගුවට
වයඹ පළාතේ විශේෂයෙන් කුරුණෑගල, කුලියාපිටිය, නිකවැරටිය හා හලාවත යන පොලිස් කොට්ඨාශවල පසුගිය දින දෙක තුළදී සිදුවූ නොසන්සුන්කාරී වාතාවරණය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 78 දෙනෙකු මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
ජනපති සහ චීන අගමැති හමු වෙයි.
ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ චීන අග‍්‍රාමාත්‍ය ලී ක්වැන්ග් (Li Keqiang) මහතා අතර හමුවක් අද (15) පස්වරුවේ බීජිං නුවර දී පැවැත්විණි.
කලහකාරී තත්වයන් පාලනය කිරීම සඳහා පොලිසිය විසින් උපරිම බලය යොදා ගනී
මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඊයේ (මැයි 13) සිදුවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් කඩිනම් පියවර ගන්නා ලද අතර ප්‍රදේශයේ ස්ථාපිත ගුවන් හමුදා කඳවුරු වල භටපිරිස් ඒ සඳහා යොදවන ලදී.
විවිධ මාධ්‍ය තුළින් සංසරණය වන වීඩීයෝ දර්ශන සම්බන්ධව
ආරක්‍ෂක අංශ අදින නිල ඇඳුමකට සමාන නිල ඇඳුමක් ඇදගත් පුද්ගලයෙකු තුන්මෝදර ප්‍රදේශයේ කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුවන අවස්ථාවේ එහි රැදී සිටින වීඩීයෝ දර්ශන කිහිපයක් පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අවධානය යොමුකර ඇත.