මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධන කාර්ය සාධක බලකායෙහි නව සම සභාපති ලෙස පත් කෙරේ

මාර්තු 28, 2020

දරිද්‍රතාවය තුරන් කිරීම සහ ජීවනෝපාය සංවර්ධනය සඳහා වන කාර්ය සාධක බලකායේ සම සභාපති ලෙස මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සුමේධ පෙරේරා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද දින පත් කර තිබේ.

එම කාර්ය සාධක බලකායේ කෘෂිකර්ම අංශයේ ප්‍රධානියා ලෙස මේජර් ජෙනරාල් පෙරේරා කටයුතු කරනු ඇත.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ගුවන් සංග්‍රාමික බලකායේ බලසේනාධිපති වරයෙකු, පාබල බලඇණි කිහිපයකට අණ දුන් ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු හමුදා ප්‍රකාශකයෙකු සහ ශ්‍රී ලංකා යුධ හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂ ලෙසද රාජකාරී කර ඇත. ඊට අමතරව මේජරෟ ජෙනරාල් සුමේද පෙරේරා කලක් වන්නි ආරක්ෂක සේනා ආඥාපති වරයා ලෙස කටයුතු කර ඇත.