ශ්‍රී ලංකා ගුවන් හමුදාව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල විශබිජහරණයට ලක්කරයි

අප්‍රේල් 03, 2020

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රසායනික, ජීව විද්‍යාත්මක, විකිරණ න්‍යෂ්ටික හා පුපුරන ද‍්‍රව්‍ය අංශය (Chemical Biological Radiological Nuclear and Explosive Wing) හදිසි ප්‍රතිචාර දැක්වීම පිළිබඳ ඒකකය විසින් ශ්‍රී ලංකාවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ (BIA) ගුවන් යානා යාත්‍රාoගණය විෂබිජහරණය කිරීමේ මෙහෙයුමක් දියත් කරන ලදි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සහ ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (ICAO) ප්‍රමිතීන් හා මාර්ගෝපදේශයන් යටතේ පිටත්ව යන සියලුම ගුවන් යානා සහ අනෙකුත් සියලුම ගුවන් යානා ක්‍රමානුකූලව මෙම විෂබිජහරණ ක්‍රියාවලියට භාජනය කෙරේ.