58 වන සේනාංකය විසින් වැඩිහිටි නිවාසයක් වෙත දිවා ආහාර පාර්සල් ලබා දෙයි

අප්‍රේල් 04, 2020

58 වන සේනාංකයේ රාජකාරියේ නියුතු යුද හමුදා සාමාජිකයින් විසින් කලාඔය ප්‍රදේශයේ පිහිටි ‘ලුර්දු මාතා’ වැඩිහිටි නිවාසයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙත වියලි සලාක සහ දිවා ආහාර පාර්සල් පරිත්‍යාග කර ඇත.

පවතින ඇඳිරි නීති තත්වය හේතුවෙන් වැඩිහිටි නිවාසයේ පාලකයින් හට එහි නේවාසිකව සිටින වැඩිහිටියන් 22 දෙනාගේ  ආහාර සැපයීම සම්බන්ධයෙන් අපහසුතාවයට පත්ව සිටි මොහොතේ 58 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ උපදෙස් අනුව යුද හමුදා භට පිරිස් ඔවුන්ට වියළි සලාක ලබා දීමට කටයුතු කර ඇත.