ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවෙස් වල රැදී සිටින බම්බලපිටිය මහල් නිවාසවල පදිංචිකරුවන්ට විනෝදාස්වාදය සපයයි

අප්‍රේල් 07, 2020

COVID-19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා සහය වන ලෙස ‘නිවසේ රැඳී සිටින්න’ යන රජයේ ඉල්ලීම පිළිපදිමින්  නිවෙස් වලට වී සිටින බම්බලපිටිය මිලාගිරිය මහල් නිවාසයේ නිවැසියන්ට විනෝදාස්වාදය ලබා දෙමින් අප්‍රේල් 05 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය පළමු ජංගම සංගීත වැඩසටහන් පවත්වයි.

කොළඹ දිස්ත්‍රික්කය COVID-19 ව්‍යාප්ත වීමේ ඉහළ අවදානම් කලාපයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති හෙයින්, ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඔවුන්ගේ ජංගම සංගීත සංදර්ශනයන් ආරම්භ කළේ දිස්ත්‍රික්කයේ ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශවල පදිංචිකරුවන්ට විනෝදාස්වාදය ලබා දීම වෙනුවෙනි.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය දෙවන සංගීත ප්‍රසංගය වනාතමුල්ල නිවාස සංකීර්ණයේදී පැවැත්වීය.

රට තුළ COVID-19 පැතිරීම පාලනය කිරීමට රජය ගන්නා උත්සාහයට සහය දැක්වීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස්ගේ උපදෙස් පරිදි මෙවැනි විනෝදාස්වාද වැඩසටහන් නොනවත්වා කරගෙන යන බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසීය.