යුද හමුදා බෞද්ධ සංගමය බෞද්ධ විහාරස්ථාන අතර සලාක බෙදයි.

අප්‍රේල් 07, 2020

ශ්‍රී ලංකා යුද හමුදාවේ  බෞද්ධ සංගමය, දැනට පවතින ඇඳිරි නීතිය හේතුවෙන් පීඩාවට පත්ව ඇති  බෞද්ධ විහාරස්ථාන කිහිපයක් අතර වියළි සලාක පාර්සල් බෙදා දී ඇත.

කොළඹ බෞද්ධ විහාරස්ථාන 16 ක් අතර වියළි සලාක පාර්සල් බෙදා හැරීමේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා යුද හමුදාවේ  බෞද්ධ සංගමයේ සභාපති සහ බටහිර ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න විසින් ඊයේ ආරම්භ කරන ලදී.

ප්‍රධාන වැඩසටහන රුක්මල්ගම ධර්ම විජයාලෝක පන්සලේදී පැවැත්වූ අතර එහිදී වියළි සලාක පාර්සල් පන්සලේ විහාරාධිපති සහ  කෝට්ටේ ප්‍රධාන සංඝනායක ශ්‍රී කල්‍යාණි සමගි සංඝ සභාවේ මහානායක අති පූජ්‍ය ඉත්තෑපානේ ශ්‍රී ධම්මාලංකාර නායක හිමිපාණන් වහන්සේ වෙත සංකේතාත්මකව   පූජා කිරිම සිදුවිය.