ගිණිකොණ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල් සඳහා නාවික හමුදාවෙන් සහන

අප්‍රේල් 07, 2020

ශ්‍රී ලංකා නාවික හමුදා ගිණිකොණ නාවික විධානය එයට අයත් ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුල් වෙත වියලි ආහාර බෙදාදීමට කටයුතු කර ඇත.

මෙම වැඩසටහන නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ගිණිකොණ නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් සෙනරත් වීජේසූරියගේ මග පෙන්වීම යටතේ සිදු කරන ලදි.