නීති ප්‍රවීණයෙකු වන රාජා ගුණරත්න රාජ්‍ය නොවන සංවිධාන ජාතික ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කෙරේ

අප්‍රේල් 08, 2020

මානුෂීය නීතිය පිළිබඳ විශේෂඥයෙකු වන රාජා ගුණරත්න අද (අප්‍රේල් 8) දින උදෑසන රාජ්‍ය නොවන සංවිධාන ජාතික මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලෙස පත් කරන ලදී.

එම පත්වීම් ලිපිය අද ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න විසින් අමාත්‍යාංශ පරිශ්‍රයේදී නිල වශයෙන් භාර දෙන ලදී.

රාජා ගුණරත්න ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලයේ නීති පිඨයේ පීඨාධිපති ලෙස ද කටයුතු කර ඇත.