ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ඇති කරන ලද කැස්බෑ පැටවුන් සාගරයට මුදා හරියි

අප්‍රේල් 08, 2020

කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාව ඇති කරන ලද කැස්බෑ පැටවුන් 96 දෙනෙක් ගාලුමුවදොර වෙරළ තීරයේදී සාගරයට මුදා හරින ලදි.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත ගාලුමුවදොර මුහුදු තිරය අපද්‍රව්‍ය රහිත ප්‍රදේශයක් ලෙස කළමනාකරණය කිරීම, වෙරළ තීරයේ දමා ඇති කැස්බෑවන් බිත්තර සංරක්‍ෂණය කිරීම, සමුද්‍ර ජීවීන් සහ සමුද්‍ර සම්පත් සංරක්‍ෂණය කිරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කටයුතු සිදුකරනු ලබයි.